සුදු ළුෑණු වංචාව සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්!

සතොස සුදු ළුෑණු වංචාව මේ වන විට පක්ෂ විපක්ෂ මෙන්ම මාධ්‍ය ආයතන තුලද දැඩි ආන්දෝලනයක් මතු කර ඇති කරුණකි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක  අධ්‍යක්ෂකවරයා සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් ‌අනාවරණය කර ඉල්ලා අස්වීම පිලිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස පහුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

එපමණක් නොව ඔහු මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ඉල්ලා සිටියේ පරික්ෂණ කඩිනම් කරන ලෙසටය. ඒ් අනුව අගමැතිවරයා පහුගිය 23 දා පොලිස්පතිට දන්වා තිබුණේ වහාම මේ නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනය කඩිනම් කළ යුතු බවය.

මේ අතර මෙම පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් සොයා පුවත්පත් ආයතන තුලට අපරාධ පරික්ෂණ නිලධාරින් ගොස් තිබුණේ ඊයේ (28) දිනය . එකී මාධ්‍යවේදීන්ට අමතරව පුවත් කතුවරුන්ගෙන්ද ප්‍රශ්න කිරිමට ඔවුන් උත්සුක වී තිබුණි.

මේ සම්බන්ධව ඊයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා දැඩි ලෙස කණගාටුව ප්‍රකාශ කරමින් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මාධ්‍යවේදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නොකැඳවන ලෙසටය.

ඒ් අනුව අගමැතිවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ මෙම සිදුවීමට මාධ්‍ය ඈදා නොගන්නා ලෙසටය. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම සිද්ධිය සම්බන්ධව දැඩි ලෙස ලැජ්ජාවට පත් වු බවද ඊයේ කියා තිබුණි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට අද උපදෙස් දී ඇත්තේ මෙලෙස ක්‍රියා කළ අපරාධ පරික්ෂණ නිලධාරින් සම්බන්ධව වහා විමර්ශනයක් කළ යුතු බවටය.

අමාත්‍යවරයා කියා සිටින්නේ පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදින්ගෙන්  ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරිම වැරදි බවය.

තවද සුදු ළුෑණු  සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇත.

ශානි

Social Sharing
නවතම