හදිසියේ රතන හිමිගෙන් උලමා විරෝධයක්!

සම්පත් බැංකුවේ සිදු වු පොඩි සිදුවීමකට සම්පත් බැංකුවේ ගිණුම් ගිනි තියන තත්ත්වයට අද මුස්ලිම් පිරිස පත්ව ඇතැයිද, ජමෙයිතුල් උලමා ගොලුවෝ වගේ සියල්ලටම උඩ ගෙඩි දෙමින් සිටිනවා යැයිද අපේ ජාතික පක්ෂයේ රතන හිමියන් පවසයි.

පහුගිය කාලයේ සිදු වූ සහරාන්ගේ බෝම්බ පිපිරීමටත්, රටපුරා මද්‍රසා පාසල් ඇති වීමටත් විශේෂයෙන් සිංහල, දෙමළ වගේ ආහාරයන් බෙදීමටත් වැඩ කළේ ජමෙයි තුල්ලා උලමා බවට රතන හිමියන් චෝදනා කර සිටියි.

සමාජකරණයේ එක් අංගයක් වන්නේ ආහාර පාන බවත් ජමෙයි තුල්ලා උලමා කළේ සිංහලයන්ගේ කිසිම ආහාරයක් ගන්න බැරි විදිහට හලාල් සංස්කෘතිය ආරම්භ කළ බවද මෙය සම්පුර්ණයෙන්ම ජමෙයි තුල්ලා උලමා ක්‍රියාකාරකමක් බවද උන් වහන්සේ ප්‍රකාශ කර සිටියි.

ෂරියා නීතියට තල්ලු කරන ලද්දේ මොවුන් බවත් අෂ්රොෆ් විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය ගෙනවිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජමෙයි තුල්ලා උලමා පාර්ලිමේන්තු පනතකින් නීත්‍යානුකූල සංවිධානයක් බවට පත් කර මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව කල්ලියකට යට කළා යැයි උන් වහන්සේ චෝදනා කර සිටියි.

අද ඒකකාධිකාරි පුජ්‍ය බලයක් ගොඩ නඟා ඇත්තේ ජමෙයි තුල්ලා උලමා බවද උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම