බන්ධනාගාර ගැටුමේ ස්වාධීන විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරියක්!

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සහ රැඳවියන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සදහා විශ්‍රාමික විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කිරීමට තීරණය වී ඇත.

ඒ  අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුලු අමාත්‍යාංශ ප්‍රධානීන් විසිනි. පහුගියදා පාර්ලිමේන්තුවේදි ඔහු පවසා තිබුණේ මෙම සිද්ධිය පිලිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කරන බවය. ඒ අනුව එකී විමර්ශනය සඳහා විශ්‍රාමික විනිසුරුවරිය පත් කිරිමට සුදුසු බව යෝජනා වී ඇත.

මීට පෙර ඇය, මහර බන්ධනාගාරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ සභාපතිවරිය ලෙසද කටයුතු කළාය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය සිදු කරන විමර්ශන වලට අමතරව මෙම විමර්ශනය සිදු කෙරෙන බව අධිකරණ අමාත්‍යාශය පවසයි.

මේ සම්බන්ධව ඇයට නිල වශයෙන් දන්වා නොමැති බවද ඉදිරියේදි ඒ් කටයුතු සිදු කෙරෙනු ඇතැයිද අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.

ශානි

Social Sharing
නවතම