ජපානයේ ගංවතුරෙන් පුද්ගලයන් 50 ක් මිය යයි

ජපානයේ කියුෂු දූපතේ වාර්තාගත වර්ෂාපතනයක් හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පුද්ගලයන් බොහෝ දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීමේ දැඩි උත්සාහයක පොලිසිය සහ ආරක්ෂක අංශ නිරතව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරයි.

ගංවතුරේ බලපෑමෙන් බොහෝ නිවාස ඇතුලු දේපල විශාල ප්‍රමාණයක් විනාශ වී තිබේ. ජපානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මින් පෙර නොවූ විරූ වර්ෂාපතනයක් පිළිබඳව පසුගිය සෙනසුරාදා (04) අනතුරු ඇඟවීමක් කළ අතර කියුෂු හි පදිංචිකරුවන්ට උපරිම ලෙස ප්‍රවේශම් වන ලෙස දැනුම් දී තිබේ . ඒ් අනුව ප්‍රාන්ත හතරක් තුළ පදිංචිව සිටි පුද්ගලයින් අවම වශයෙන් 270,000 ක ඉවත් කරන ලෙසද දැනුම් දී තිබුනි. කෙසේ වෙතත් මේ හදිසි ගංවතුර නිසා පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බවත්, තවත් පිරිසක් අතුරැදහන් වී ඇති බවත් වාර්තා වේ.

Social Sharing
විදෙස්