සමගි ජනබලවේගයේ මනුෂටත් CID යෙන් කැඳවීමක්!

සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාව ලබන 20 දා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සදහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික විගණන අංශය මගින් සිදුකරනු ලබන තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා මෙසේ ලබන 20 වැනිදා පැමිණෙන ලෙස  දැනුම් දී ඇත.

කෙසේ වෙතත් තමන් කැදවා ඇත්තේ කුමන විමර්ශණයටදැයි යන්න අනාවරණය නොකිරීම නිසා නීතීඥ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා සිය ෆේස් බුක් ගිණුමේ  සටහනක් තබමින් ප‍්‍රකාශ කර සිටියි.

සමගි ජන බලවේගයේ  නායක සජිත් ප්‍රේමදාස මහතා  සමග සාකච්ඡා  කර  තිසත් විජයගුණවර්ධන සහ ෆර්මාන් කාසිම් යන ජනාධිපති නීතීඥවරුන්ගේ නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට මේ වන විට ඔහු බලාපොරොත්තු වේ.

ශානි

Social Sharing
නවතම