ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම දන්නේ නැතැයි යන ප්‍රකාශය කර තිබුණි. මෙහිදි බන්ධනාගාර නිලධාරීන්ද දෙලොවකට මැදි වුයේ ඔවුන්ට ජිවිත අනතුරක් සිදු වුවහොත් මේ ආකාරයෙන් දන්නේ නැතැයි කියනු ඇති බවටය.

මොහු බන්ධනාගාර රාජ්‍ය අමාතළුරයා ලෙස පත් වුයේ ඉකුත් වසරේ සිදු වු මහර බන්ධනාගාර ගැටුමෙන් පසුවය.

කෙසේ නමුදු රාජ්‍ය අමාත්‍යවරයාගේ හැසීරිම සම්බන්ධයෙන් දිගින් දිගටම විපක්ෂයෙන්ද චෝදනා එල්ල වුහ. ලොහාන් රත්වත්තේ නම් අස් වීමේ ලිපිය දෙමින් කියා ඇත්තේ රජය අපහසුතාවයට පත් නොකර සිය කැමැත්තෙන්ම ඉල්ලා අස් වීමට තිරණය කළ බවය.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තම වෙතින් සිදුවූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස්වු බවය.

ලොහාන් රත්වත්තේගේ ඉල්ලා අස් වීම අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාර ගෙන ඇත.

නමුත් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වු පමණින් ඔහුට මෙම චෝදනා වලින් ගැලවීමේ හැකියාවක් නැත. ඔහු කළ වරදට විමර්ශනයක් පවත්වා දඬුවම් ලබා දිය යුතුව ඇත. රටේ නීතිය කාටත් පොදු විය යුත්තේ එසේය.

letter

Social Sharing
නවතම