පාසල් ඇරීමට ප්‍රථම කළ යුතු දේ ගැන ගුරු සංගම් කියයි!

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මාස කිහිපයක් තිසසේ තාවකාලිකව වසා ඇති රජයේ පාසල් ආරම්භ කිරීමට පෙර දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසිය යුතු බවත් ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට වහා විසදුම් හිමිවිය යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ  (12දා) සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්චාවක් අතර තුරදිය. එම සාකච්චාවට දෙමාපියන් විද්වතුන් විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් රැසක් එක්වි සිටියහ.

එහිදි තවදුරටත් කථා කළ සභාපතිවරයා.

මේ අවස්ථාව වනවිට රජය ඔක්තොම්බර් මස සිට රජයේ පාසල් අධ්‍යාපන කටයුතු සදහා විවෘත කරන්න දේශපාලනමය තීන්දුවක් අරන් තියෙනවා.මේ ගැටළුවෙදි දේශපාලන තීන්දු බෑ සෞඛ්‍ය අංශයේ දැඩි උපදෙස් පිළි පැදලයි පාසැල් ආරම්භවිමේ කටයුත්ත වෙන්න ඕන.සෞඛ්‍ය අංශ පාසල් විවෘත කිරීම සිදුවන ආකාරය පිළිබදව විශේෂ අවධානය යොමු කරන්න ඕන.

කිසිදු පාසල් දරුවෙකුට මේ වනතුරු කොවිඩ් 19 වෛරසයෙන් බේරෙන්න ප්‍රතිශක්තිය වැඩි කරවන්න එන්නත් විදලා නෑ.මේ දරුවන්ගේ ජීවිත නැවත වතාවක් අවධානමට හෙළන්න බෑ.මොකද රට තුළ තිබෙනා තත්වය අවධානම්.නිසි කළමනාකරණයක් නොමැතිව දරුවන් පාසල් තුළට නැවතත් කැදවීමෙන් දරුවන්ගේ ජීවිත අවධානමට ලක්වෙන්න පුළුවන්.

පාසල් දරුවන්ට එන්නත් දෙකම ලබාදීමේ කටයුත්ත සිදුකරන්න ඕන.ඒකත් දීර්ඝ කාලින වැඩ සටහනන් බවට පත්වෙනවා.ඒ වගේම රජය විවිධ බලපෑම් එල්ල කරමින් සිටිනවා ගුරු විදුහල්පතිවරුන්ට නමුත් අපි සටනේ නිරත වනවා අපිට ස්ථිර විසදුමක් ලැබෙන තුරු.

මේ වනවිට ශිෂ්‍යත්ව විභාගය උසස් පෙළ විභාගයේ අයදුම් පත්‍ර සම්බන්ධව ගැටළුවක් ඇතිවෙලා තියනවා.නමුත් මේ අවස්ථාවේ මේ විභාග පැවත්වීම සම්බන්ධයෙනුත් ගැටළුකාරි තත්වයක් ඇති වෙලා තියනවා.

ගුරු විදුහල්පති වැටුප් අර්බුදය සම්බන්ධයෙන් අපි දැඩි ස්ථාවරයක ඉන්නවා.ආණ්ඩුව අපේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබාදෙන තුරු අපි සටන අත්අරින්නෑ.පැහැදිලි පිළිතුරක් නොමැතිව අපි පාසල් කටයුතු ආරම්භ කෙරුණත් අපි සේවයට වාර්ථා කිරීම සිදුකරන්නේ නෑ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම