ඇමරිකාවේ තත්ත්වය නරක අතට

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 50,586 ත් සමගම ඒරටින් වාර්තා වූ මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවීය. ඒමෙන්ම, ඇමරිකාව තුළ මෙම වෛරසය හේතුවෙන් මිය ගිය ප්‍රමාණයද 132,993 දක්වා ඉහල ගොස් තිබේ. මෙම සංඛ්‍යාව දැනට මෙම වෛරසයෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව හා සමග බලන විට 1/5කට ආසන්න වේ.

අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 11,772,300ක් වාර්තා වී ඇති අතර, ඉන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඒනම්, 6,767,333 ක් සම්පුර්ණ සුවය ලබා තිබේ. මින් මිය ගොස් ඇති සංඛ්‍යාව 541,520කි. ඒමෙන්ම, ඒක් දිනක් තුළ ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ රට බවටද පසුගිදා ඇමරිකාව පත් විය. ඒ් පසුගිය ජූලි 3 දා ඒක් දිනක් තුළ කොරෝනා වයිරස ආසාදිතයන් 55,000 ක්, වාර්තා වීමත් සමගය.

Social Sharing
නවතම