ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්

වර්තමානය වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  ප්‍රසිද්ධියේ රණ්ඩු වීමට පටන් ගෙන ඇති බවත් ආණ්ඩුවේ වැරදි තීරණ නිසා අහිංසක අසරණ ගොවියාගේ වී මිල රුපියල් 10ක් 12 ත් අතර ප්‍රමාණයකින් පහල වැටී ඇති බවත් සමගි ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“රජයේ වගකීම තමයි රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයාත් ව්‍යාපාරිකයාත් ආරක්ෂා කර ගන්න එක.  අද ඒ එකක්වත් මේ ආණ්ඩුවෙන් වෙලා නෑ. අද වැඩියෙන් ම බැට කන්නේ මේ රටේ අහිංසක අසරණ ගොවියා. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අසරණ ගොවි ජනතාව අද වී ටික විකුණා ගන්න බැරුව අන්ත අසරන වෙලා තියෙණවා.

අපි කුඩා කාලේ පොලොන්නරුව හැම ගමකම හැම හන්දියකම තරාදි තියාගෙන වී කිරන මුදලාලිලා හිටියා. මීට අවුරුදු 10 කට පෙර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා මෝල් 578 කට වෙඩි සංක්‍යාවක් කුඩා මෝල් තිබුණා. අර අපි පොඩිකාලේ ගමේ වී ටික ගන්න හිටිය මුදලාලි කුඩා මෝල් අද නෑ,අද වෙනකොට පුංචි මෝල් ටික වැහිලා ගිහින් තියෙනවා. කුඩා ව්‍යාපාරිකයා වැඩිලා තියෙනවා.

අද රජයේ ඇමතිවරු ඊයේ දවසේ පොලොන්නරුවේ දී තමන්ගේ ව්‍යාපාර බේරා ගන්න තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහ ගන්න දැන් ඒගොල්ලෝ ඒ ගොල්ලො ප්‍රසිද්ධියේ රණ්ඩුවෙන තත්ත්වයට පත් වෙලා. අද පොලොන්නරුවේ ඇවිදින මං තීරු හදන්න ඒකට රණ්ඩු වෙනවා. අද පොලොන්නරුවේ ගොවියාගේ ප්‍රශ්න කිසි දේකට උත්තර නැති වෙලා තියෙනවා. ගිය කන්නයේ නාඩු වී කිලෝ එක රුපියල් 62ට රුපියල් 60 ට වික්ක ගොවියාට අද සිද්ධ වෙලා තියෙන්නේ 48 ට 50 ට වී ටික කුණු කොල්ලෙට රුපියල් 10ක් 12ක් පාඩුවට විකුණන්න.

හැට ට තිබුණු වී ටික අද රුපියල් 10කින් වැටිලා තියෙනවා.මේ අහිංසක ගොවියාගේ බඩට තමයි මේ ගහලා තියෙන්නේ. මම දැක්කා අද රොෂාන් ඇමතිවරයාත්  සිරිපාල ගමලත් ඇමතිවරයාත් මේ වී මිල ගැන ප්‍රශ්නය ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්නයක් වගේ අරගෙන ඒ ගොල්ල ඒ ගොල්ල රණ්ඩු වෙන තැනට පත් වෙලා තියෙනවා. මේක මේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්නයක් .

මම අභියෝග කරනවා පුළුවන් නම් ගොවියාගේ වී ටික රුපියල් 60 ට අරගෙන පෙන්වන්න කියලා. දැන් අපි දන්නේ නෑ රජයෙන් මේ පොලොන්නරුවට ඇවිල්ලා කොච්චර හාල් තොග  ගෙනිච්චාද කියලා. ඒක අනිත් එක කුමන්ත්‍රණයක්. රජයේට අපි කියනවා මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන්නේ ඔබට .ඒ වගේම මේ රටේ ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. මේ රටේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේත් ඔබට. විශේෂයෙන් ම මම කියන්න කැමතියි අසරණ ගොවි ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා.

දැන් ඔක්තෝම්බර් මාසේ අග වෙනකොට මහ වැහි එනවා මහ කන්නය එළඹෙනවා.ගොවියාට විශ්වාසයක් නෑ ගොවිතැන් කරන්න ඕනද නැද්ද කියලා. කෘෂි කර්ම ඇමතිවරයාට අපි කියන්න කැමතියි මේ රටේම  ගොවි ජනතාවගේ  වී ටික රුපියල් 60 ට ගන්න ඔවුන්ට ඊළග කන්නය කරගන්න මුදල් නෑ. පොහොර නෑ. ණය ගෙවා ගන්න විදිහක් නෑ. දැන් සති 3 කට කලින් පොලොන්නරුවේ වී මිල තිබ්බේ රුපියල් 60 ට වැඩි මිලක. ඒ නිසා අපි රජයට කියන්න කැමතියි වහාම ගොවියාගේ වී ටික රුපියල් 60 ට ගන්න කියලා.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම