ජනාධිපති දුමින්ද සිල්වාගේ විතරද? – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

ජනාධිපතිවරයා යනු දුමින්ද සිල්වාගේ පමණක් නොව මේ රටේ සියලු දෙනාගේම ජනාධිපතිවරයා බවත් ඔහු මුලු ලංකාවේම ජනතාවට  එක හා සමානව සැලකිය යුතු බව  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි.

මීනි මැරුම් චෝදනාවකට මරණිය දණ්ඩනය නියම වු දුමින්ද සිල්වා බන්ධනාගාර ගතව වසර පහක් යාමටත් මත්තෙන් ජනාධිපතිවරයා පොදු සමාව යටතේ නිදහස් කිරීමෙන් පසුව බන්ධනාගාර ගතව සිටින බොහෝ රැඳවියන් තමන්වද නිදහස් කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණ / ඉල්ලීම් සාධාරණ බව ඔහු පවසයි.

බන්ධනාගාර විශෝධන ආයතන වුවත් මේ වන විට පුනරුත්ථාපනය / විශෝධනය වී ඇත්තේ දුමින්ද සිල්වා පමණක්ද? අනෙක් සිරකරුවන් පුනරුත්ථාපනය වී නැත්දැයි  යැයි විමසන ඔහු කියා සිටින්නේ මෙයට සම්පුර්ණ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාර ගත යුතු බවය.

බන්ධනාගාර වල ජාත්‍යන්තර ක්‍රම අනුව සිරකරුවන් පුනරුත්ථාපනය කළ යුතු අතර වසර දහයක් යන විට එය කිරිමට නොහැකි වුවහොත් එහි වගකීම ගත යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව බවද ඔහු පෙන්වා දෙයි. නමුත් ලංකාවේ එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවද ඔහු කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ විශේෂ වීඩියෝවක් නිකුත් කරමිනි.

ශානි

 

Social Sharing
Uncategorized නවතම