NGO වලට සල්ලි එන එක නවත්තනවා! – මහින්ද

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ රටට විරුද්ධ ව්‍යාපාර ගෙන යන රාජ්‍ය නොවන සංවිධාන වලට මුදල් එන හැටි විමර්ශනය කරන බවත්යි.

ඉන්දියාවේ නම් රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුදල් පිළිබඳ රජය දැනුවත් වුවත් ලංකාවේදී එය එසේ නොවන බවත්, ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන එකී මුදල් පාවිච්චි කරමින් ගම් වල ජනතාව තුළ බොරු ප්‍රචාර ගෙන යමින් රටට විරුද්ධ ව්‍යාපාර ගොඩනගන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එම නිසා ඒවාට ලැබෙන මුදල් පිළීබඳ විමර්ශනය කල යුතු බවත් ඒ මහතා පැවැසීය.

එෆ්.සී.අයි.ඩී ආයතනය පිළිබඳවත් බරපතළ විවේචනයක් සිදු කරමින් එහි සිටියේ ජේවීපී කාරයකුත්, රාජිත හා චම්පිකත්, ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් වුනු වැලිඅමුණ නැමැත්තකු බවත් එය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක වූ බවත් පැවසීය.

Social Sharing
නවතම