ඩෙල්ටා වලට වඩා භයානක මූ ලෝකයේ රටවල් 39 ක පැතිරෙයි!

මේ වන විට ලෝකයේ කොවිඩ් ප්‍රභේද රැසක් ඇත. මේ කොවිඩ් පවුලට මෑතකදී අලුතෙන්ම එක් වුයේ දකුණු අප්‍රිකානු රටක් වන කොලොම්බියාවෙනි.

පළමුව 2021 ජනවාරි කොලොම්බියාවෙන් මතු වු මේ නව කොවිඩ් ප්‍රභේදය විද්‍යාත්මකව හඳුන්වන්නේ B.1.621යනුවෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය හැඳින්වුයේ මූ නම් යන නාමයෙනි.

දරුණු කොවිඩ් ප්‍රබේදයක් ලෙස සලකන මූ පසුගිය තිස් වැනිදා  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  අවධානයට ලක් විය යුතු වෛරස ප්‍රභේද වල ලැයිස්තුවටද  ඇතුළත් කරන ලදී.

“මූ” නම් වෛරස් ප්‍රභේද ය අද වන විට ලෝකයේ රටවල් 39ක  සීඝ්‍රයෙන් පැතිරී යන බවට විදෙස් පුවත් සේවා වාර්තා කරයි. අද වන විට ඇමරිකාව එක්සත් රාජධානිය සහ යුරෝපයේ රටවල් කිහිපයක මෙන්ම ආසියාවේ හොංකොං කලාපය ද ආක්‍රමණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයද   මෙම නව කොරෝනා ප්‍රභේදය  සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන අතර එයට හේතු වී ඇත්තේ මෙම නව ප්‍රභේදය  වේගයෙන් පැතිරී යාමේ හැකියාව  ඇති නිසාත්  එන්නත් තුළින් සහ වෛරසය   වරක් ආසාදනය වීමෙන් ලැබෙන   ප්‍රතිශක්තිය ඉක්මවා යා හැකි  දරුණු ප්‍රභවයක් ලෙස සැක කරන බැවිනි.

මේ සම්බන්ධයෙන් ලෝක  සෞඛ්‍ය සංවිධානය  පෙන්වා දෙන්නේ ඉහත තොරතුරු ස්ථිර වශයෙන්ම තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතු බවයි.

මෙය දකුණු අප්‍රිකාවෙන්  සොයාගත් බීටා ප්‍රභේදයේ ලක්ෂණවලට  සමානකමක් දක්වන අතර  විද්‍යාඥයින් සහ  සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ  මෙම   ප්‍රභේදය   ඩෙල්ටා ප්‍රභේදය ටත් වඩා භයානක ප්‍රභේදයක් ද යන්න සොයා බැලීම  අත්‍යවශ්‍ය වන බවකි.

ශානි

Social Sharing
නවතම විදෙස්