ඊළමට බිලි වූ ළමා සොල්දාදුවන් මවාපෑමක්ද?

මේ දිනවල හිටපු එල්.ටී.ටී.ඊ (LTTE) නායකයෙකු වන කරුණා අම්මාන් කෙරෙහි මාධ්‍ය තුල ඇත්තේ දැඩි අවධානයකි. ඒ් ඔහු මේ දිනවල ආන්දෝලාත්මක ප්‍රකාශ කරමින් සිටින බැවිනි. ඒ් නිසා ඇතැම් මාධ්‍යද කෙසේ හෝ උත්සහ දරමින් සිටින්නේ ඔහුගෙන් ඒවැනි ප්‍රකාශයක් ලබා ගැනීමටය.

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීද කරුණා අම්මාන් යළිදු වරක් ආන්දෝලාත්මක ප්‍රකාශයක් කර තිබේ.

ඒ් එල්.ටී.ටී.ඊ සංවිධානය කිසි දිනෙක සොල්දාදුවන් ලෙස ළමුන් භාවිතා නොකළ බවය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් වයස අවුරුදු 18 ට අඩු කිසිදු පුද්ගලයෙකු සංවිධානයට බඳවා ගැනීම සපුරා තහනම් කර තිබූ බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ඒහිදී ඒම නාලිකාව ලොවපුරා සැරිසරන එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවන්ගේ ඡායාරූප සම්බන්ධයෙන් විමසූ විට කරුණා අම්මාන් සඳහන් කරන්නේ එම ඡායාරූපවල සිටින්නේ සැබෑ ළමා සොල්දාදුවන් නොවන බවත් ඒවා තම සංවිධානය විසින් ප්‍රචාරක කටයුතු සඳහා නිර්මාණය කළ නාට්‍ය සඳහා යොදවා ගත් ළමා නළුවන්ගේ ඡායාරූප බවය.

මේ ප්‍රකාශ වලින් පෙනී යන්නේ කරුණා අම්මාන් තවමත් උත්සහ ගනිමින් සිටින්නේ ඒල්.ටී.ටී.ඊ සංවිධානය කිසිදු වරැද්දක් නොකළ සංවිධානයක් බවට සමාජයට ඒ්ත්තු ගැන්වීමේ උත්සහයක නිරත වෙමින් ඇති බවය.

කොටි සංවිධානය කුඩා දරුවන් පවා යුද්ධයට යොදා ගත් බව මුලු ලෝකයම දන්නා කරුණකි. ඔවුන්ගේ සංවිධානයට පිරිස අඩු වෙද්දි ඔවුන් යොදා ගත්තේ මව්වරුන්ගේ ඇකයේ සිටි කුඩා දරුවන්වය.

මේ කොටි සංවිධානයේ සිට පුනරුත්ථාපනය වු පුද්ගලයින් රැසක් හමුවීමට වරෙක මෙම ලියුම්කරුට උතුරු පළාතේදි හැකි විය. ඒහිදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට බෝම්බ ප්‍රහාරය ඒල්ල කළ, කොළඹ මහ බැංකුවට බෝම්බ තැබීමට පෙර කොළඹ සිට ඊට ඔත්තු බැලු හිටපු කොටි සාමාජිකයෙකු හමු විය.

ඊළමට බිලි වූ ළමා සොල්දාදුවන් මවාපෑමක්ද?

ඔහුගේ කුඩා කළදීම දෙමාපියන් අහිමිව ගොස් තිබු අතර ඔහු හැදී වැඩී තිබුණේ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් යටතේය. ඔහු කුඩා කළ සිටම අප්පා යැයි කියා තිබුණේ ප්‍රභාරකන්ටය. ඔහු අනාවරණය කළ පරිදි දෙමාපියන් අහිමි දරැවන් රැසක් ප්‍රභාකරන් විසින් හදා වඩාගෙන ඇත.  එඔවුන් සියලු දෙනාගේම අම්මා, අප්පා වී ඇත්තේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. කොටි කඳවුරේම පැත්තක තිබු මඩුවක මොවුන් ඇති දැඩි වී ඇති අතර දිනපතාම පාහේ ඔවුන්ට චිත්‍රපටි, ත්‍රාසජනක සටන් ජවනිකා නැරඹිමට ඉඩ සලසා තිබේ. ඉන් හැම වීඩියෝ පටයකින්ම කියවී ඇත්තේ සිංහල හමුදාව දෙමළ වැසියන්ට කරන අඩත්තේට්ටම් පිලිබඳවයි. ඒ අනුව ඒහි සිටි සෑම දරුවෙකු උස් මහත් වන විට ඔවුන් තුල සිංහල හමුදාවට වෛර කරන්නටත්, ඔවුන්ව විනාශ කරන්නටත් තරම් මානසිකත්වයක් ගොඩ නැඟී ඇත.

එම මානසිකත්වය ප්‍රභාකරන් ගොඩ නඟා ඇත්තේ ඉතා සියුම්වය. ඒමෙන්ම සෑම සාර්ථක අවසන් පහර දීමකින් පසුව ඒම මෙහෙයුමට සහභාගි වු පිරිසට වටිනා ත්‍යාග පිරිනැමීමටද ප්‍රභාකරන් ක්‍රියා කර ඇත. මේ නිසා ඔහු සංවිධානයේ සියලු දෙනාගේම ප්‍රසාදයට පත්ව ඇත.

කරුණා අම්මාන් කියන පරිදි ප්‍රභාරකන් කිසිවිටෙකත් නාට්‍ය වල මෙන් රඟපෑවේ නැත. ඔහු කියන්නටත් ප්‍රථම දරුවන් තුවක්කු ද අමෝරාගෙන ඔහු ඉදිරියට ඒන මානසිකත්වයක් ඔහු ගොඩ නඟා තිබුණි.

ඊළම වෙනුවෙන් ඔහු කුඩා දරුවන් බිලි දුන්නේ ඒලෙසය.

-ශානිකා-

Social Sharing
නවතම