කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!

මැලේසියාවේ කොවිඩ් දරුණු වීම මත නැඟී ආ විරෝධතා රැල්ල හමුවේ එරට අගමැති මුහයිඩීන් යස්සින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ (16) සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන් මුහයිඩීන් යස්සින් එම තීරණය ගෙන ඇත.

මුහයිඩීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් පමණි. ඒ අනුව එරට අඩුම කාලයක් බලයේ සිටි නායකයා ද වේ.

රජුට සිය ඉල්ලා අස්වීම භාර දීම සඳහා මාලිගාවට යාමට පෙර ඊයේ (16)  උදෑසන මුහයිඩින් අවසන් කැබිනට් රැස්වීම පැවැත්වීය. අවසානයේ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

“කැබිනට් මණ්ඩලය අපේ ඉල්ලා අස්වීම අගෝං (රජුට) වෙත භාර දී ඇත. නැවත වරක් ජාතිය වෙනුවෙන් සේවය කිරීමේ අවස්ථාව ලබා දීම ගැන ඔබට ස්තුතියි. මැලේසියාවට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා. ” කියා මුහයිඩීන් යස්සින් ඊයේ සවස මාධ්‍ය හමුවකදී පවසා ඇත.

පසුගිය රජය තුළ බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසු නව පෙරිකටන් ජාතික (පීඑන්) සන්ධානයේ ප්‍රධානියා ලෙස 2020 මාර්තු මාසයේදී බලයට පත් වූ දා සිට 74 හැවිරිදි මුහයිඩින් නිතරම පීඩනයට පත් විය. ඔහුගේ ඉල්ලා අස්වීම කොවිඩ් -19 උත්සන්න වෙමින් තිබූ අවස්ථාවක දේශපාලන ගැටුම් හේතුවෙන් මහජන කෝපය වැඩි වෙමින් පවතින පසුබිමක් තුළය.

මැලේසියාවේ රෝගීන් 12,510 ක් පමණ මේ රෝගයෙන් මියගොස් ඇත.  පෙරේදා (15) මැලේසියාවේ කොවිඩ් රෝගීන්  20,546 ක් වාර්තා වූ අතර 20,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ සිව්වන දිනය එය  විය.

මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ , මුහයිඩින් ‘භාරකාර’ අගමැති ලෙස රැඳී සිටින බවත්  COVID-19 අර්බුදය තුළ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවයි.

විදෙස් පුවත් ඇසුරෙනි.

අවසන්වරට පෙනී සිටි ඡායාරූපය

Social Sharing
නවතම විදෙස්