නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි

බොහෝ විද්‍යාඥයින් මාස ගණනාවක් තිස්සේ පැවසූ දේ වඩ වඩාත් සනාථ කරමින් ලොව පුරා රටවල් ගණනාවකදීම දැන් භයානක නව කොරෝනා වයිරස ආසාදන පොකුරු බිහිවෙමින් තිබේ. එය නව ගොදුරු සොයා ගනිමින් සිටින්නේ බාර් සහ ආපනශාලා, කාර්යාල, වෙළඳපල සහ කැසිනෝ යනාදී වාතය අභ්‍යන්තරව සංසරණය වන පරිශ්‍රයන්හිදීය. මේ පිළිබඳව රටවල් ගණනාවන විද්‍යාඥායින් විසින් විවෟත ලිපියක් මගින් ප්‍රකාශ කර ඇත්තේ නව කොරෝන වයිරසය හුදෙක් කෙළ බිදිති මගින් පමණක් නොව ඉතා කුඩා අංශු මගින් වාතය හරහා ද සම්ප්‍රේශණය වන බවයි. වයිරසය ගොඩනැඟිලක් තුළ වාතයේ රැදී පවතින විට  අසල සිටින අයට ආසාදනය වන්නේ ඉතා කුඩා අංශු වාතය හරහා පැතිරීමෙන් බව එම ලිපිය සඳහන් කරයි.

මේ බව සඳහන් වන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පූලි 06 දින පළ කරන ලද ලිපියකය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට විවෘත ලිපියක් ලියන රටවල් 32 ක විද්‍යාඥයින් 239 දෙනෙකු කුඩා අංශු මගින් නව කොරෝන වයිරසය මිනිසුන්ට ආසාදනය විය හැකි බවට සාක්ෂි පෙන්වා දී තිබේ. හුදෙක් කෙළ බිඳිති මගින් පමණක් නව කොරෝන රෝගය අසාදනය බවට කැරෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වෙනස් කරන ලෙස ඉල්ලා සිටින පර්යේෂකයන් ඔවුන්ගේ ලිපිය විද්‍යාත්මක සඟරාවක පළ කිරීමට සැලසුම් කර ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දුර්වල වාතාශ්‍රයක් ඇති බොහෝ සෙනඟ පිරී ඇති ස්ථානයන්හි, එනම් බෙහෝ විටම ගොඩනැඟිළි තුලදී මෙම ඉතා කුඩා අංශු වාතයේ රැදෙමින් නව කොරෝන වයිරසය අසාදනය කරන බවයි. එබැවින් සමාජ දුරස්ථභාවය පවත්වා ගත්තද එවැනි ස්ථානයන්හිදී මුව වැස්ම අත්‍යවශ්‍ය බවත් එබැවින්ම සුව සේවකයිනට එන් 95 දරන විශේෂ මුව වැස්ම අනීවාර්ය විය යුතු බවත් එම ලිපිය සඳහන් කරයි.

වාතය පිටතට නොයා ඇතුලෙහිම සංසරණය වන පාසල් කාමර, සාත්තු නිවාස, නිවාස, බස් හා දුම්රිය මැදිරිි සහ ව්‍යාපාරික ස්ථාන වල වාතාශ්‍රය ප්‍රතිචක්‍රීකරණයවීම අවම කිරීමට පියවරයන් අවශ්‍ය බව ඔව්හු පෙන්වා දෙති. පාරජම්බුල කිරණ මගින් නව කොරෝන වයිරසය විනාශ වන බැවින් ද වාතය පැතිර යන බැවින් ද තද හිරු එළිය ඇති එළිමහනේදී වයිරසය අසාදනය වීමේ ඉඩකඩ අඩුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය දිගු කලක් තිස්සේ නව කොරෝන වෛරසය ව්‍යාප්ත වන්නේ විශාල ශ්වසන ජල බිඳිති මගින් යැයි යන මතය දරමින් සිටී. එවැනි විශාල කෙළ හෝ ජල බිදිති ආසාදිත පුද්ගලයින් විසින් කැස්ස සහ කිවිසුම් යවන විට වාතයට එක්වුවද ඉක්මනින් බිමට වැටේ.

ඉහත කී ලිපිය මගින් ඉදිරිපත් කරන මතය පිළිගැනීමට නොහැකි බව ලෝක සෙෘඛ්‍ය සංවිධානයේ අදාළ විශේඥයින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

වෛයිරසය අසාදනය වැළැක්වීම පිළිබඳ උපදෙස් දෙනවා වෙනුවට ලෝක සෞඛ්‍ය සංවිධානය අත් සේදීම හුදෙක්  මූලිකම වැළැක්වීමේ පිියවර ලෙස ප්‍රවර්ධනය කිරීම දුර්වලකමක් බවද එම පුවත්පත් වාර්තාව සඳහන් කරයි. මතුපිට ස්ථර මගින් නව කොරෝන වයිරසය අසාදනයවීම ඉතා අඩුවෙන් සිදුවන දෙයක් බව ද එම ලිපියේ සඳහන් වෙයි.

ආසාදිත රෝගියකු විශාල ප්‍රමාණයේ කෙළ හෝ ජල බිදිති පමණක් නොව එයරසොල් නොහොත් කුඩා අංශුද පිටකරයි. මෙම අංශු මගින් රසායනාගාරයක් තුළදී නව කොරෝන වයිරසය බෝකර ගැනීමට මේතාක් හැකිව නැත. එනමුත් ඉහත කී ලිපිය ලියන විද්‍යාඥයින් පවසන්නේ කුඩා අංශු මගින් අසාදනය නොව බවට එය සාක්ෂියක් නොවන බවයි.

වාතය මගින් නව කොරෝන වයිරසය අසාදනයවීම වැළැක්වීමට ගත යුතුව තිබූ වැදගත්ම පියවර, එනම් මුව වැස්ම අනීවාර්ය කිරීම නිර්දේශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් එකඟ වී නැත. එනමුත් සාක්ෂි මගින් පෙන්වන්නේ මුව වැස්ම අනීවාර්ය කළ රටවල අසාදනය අඩු මට්ටමකින් පැවැති බවයි. නිවෙසිහි සාදා ගන්නා රෙදි මුව වැසුම් වුව වයිරසය අසාදනය වීම වැළැක්වීමට උපකාරයක්වනු ඇති බව ඔව්හු පවසති.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සිය සහයෝගිතාවය පළ කරන එම විද්‍යාඥයින් කණ්ඩායම පවසන්නේ නව සොයා ගැනීම් සහ නිරීක්ෂනයන් පිළිගැනීමට එහි උපදේශකයින් දක්වන මැළිකම මහත් අනතුරක් විය හැකි බවයි.

උපුටා ගැනීම – srilankabrief

 

Social Sharing
නවතම විශේෂාංග