අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කරන්න – ගුරු -විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඉල්ලයි.

කොවිඩ් 19 නිරෝධායන පිළිවෙතට මුවා වී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ.

පොලිස්පතිට ලිපියක් යොමු කරමින් ගුරු හා විදුහල්පතිවරුන් කියා සිටින්නේ ‘’මෙසේ බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ හා විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්’’ බවයි.

අධ්‍යාපන මිලටරිකරණය හා පෞද්ගලිකරණයට පාර සකසන කොතලාවල පනත අහෝසි කිරීම, වසර විසි හතරක් පුරා නොවිසිදුනු ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලබා ගැනීමට  ආණ්ඩුවට බල කරමින් දිවයින පුරා  පාසල්වල ගුරු- විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටි.

ගුරු වෘත්තීය සංගම් පවසන්නේ රටේ විවිධ ප්‍රදේශවල තම ඉල්ලීම් වලට විසදුම් ඉල්ලා ආණ්ඩුවට බල කිරීමේ උද්ඝෝෂණ පවත්වන බවයි.

2021 අගෝස්තු 04 වැනිදා අගනුවර සිව් කොනින් ඇරඹි විරෝධතා රථ පෙළපාළියක් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි ඒ ඉදිරියේ උද්ඝෝෂණයේ නිරතව ආපසු යමින් සිටි ගුරුවරියන් 16 ක් ඇතුළු 44 දෙනෙක් පොලිසිය මගින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රැයක් පුරා කොළඹ වරාය පොලිසියේ රඳවා තබා ගෙන පසුදින අධිකරණයට ඉදිරිපත් කරමින් ඇප මත මුදා හැරීම,  2021 අගෝස්තු 01 සහ 2021 අගෝස්තු  04 දින වල මහනුවර පැවති ගුරු උද්ඝෝෂණයට පැමිණි ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන් පිරිසකට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව 2021 අගෝස්තු 11 වැනිදා ඔවුන් අධිකරණයට කැඳවීම,    2021 ජුලි 20 වැනිදා මාතර පැවති ගුරු උද්ඝෝෂණයට එක් වූ දෙදෙනෙක්  [08] දිනයේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර [09] ගුරුවරියක් මෙන්ම දේශපාලන ක්‍රියාකාරිණියක් වූ සාවිත්‍රි පෝල්රාජ් අත්අඩංගුවට ගෙන  ඇප මත මුදා හැරීම, එමෙන්ම  [09] යාපනයේ ගුරු – විදුහල්පතිවරු පැවැත්වූ රථ පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කළ වාහනයේ රියදුරුට   [10] දින පස්වරු 5 ට පොලීසියට කැඳවීම,  ආදිය මගින් ගුරු – විදුහල්පති වරුන්ගේ උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට පොලිසිය  මැදිහත් වී ඇති අයුරු ගුරු වෘත්තීය සමිති විසින් පොලිස්පතිට දන්වා තිබේ.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවාව,ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධින අධ්‍යාපන සේවක සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යා පිඨ හා උපාධිධාරි ගුරු සංගමය, ශ්‍රීලංකා ඉස්ලාම් ගුරු සංගමය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, ශ්‍රීලංකා ජාතික ගුරු සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, වතු ගුරු සංගමය ඇතුළු ගුරු – විදුහල්පති වෘත්තීය සමිති විසිපහක් එක්ව මෙම ලිපිය පොලිස්පති වෙත යොමු කොට ඇත.

Social Sharing
නවතම