ලෙබනන් පිපීරීමට වසරක් ගත වුවත් වින්දිතයින්ට යුක්තිය නැහැ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්

ලෙබනනයේ බේරූට් අගනුවර ආශ්‍රිතව සිදු වු පිපිරීම සම්බන්ධයෙන් වසරක් ගත වී ඇතත් තවමත් එහි වින්දිතයින්ට සාධාරණයක් ඉටු වී නොමැති බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශක මාර්තා හර්තාඩෝ පවසයි.

ලෙබනනයේ , බේරූට් වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් පිපිරා යාම හේතුවෙන් 200 දෙනෙකු පමණ  මරණයට පත්ව 6000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණි.

බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය සිදු වුයේ 2020 අගොස්තු 04 දාය.

මාර්තා හර්තාඩෝ ජීනිවා සිට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ 2020 අගෝස්තු 4 දින සිදු වූ පිපිරීම් නගරය පුරා බිඳී ගිය අතර, භීතියට පත්කිරීමට හේතු වූ අතර දහස් ගණන් මිනිසුන්ගේ ජීවිත සදහටම වෙනස් කළ බවත් රජය මූලික වශයෙන් බලවත් ජාතික සහයෝගීතාවයකින් යුක්ත වූ අතර රජය අධිකරණ කටයුතු ආරම්භ කළ නමුත් මාස 12 ක් ගතවී ඇතත්, වින්දිතයින් සහ ඔවුන්ගේ ආදරණීයයන් යුක්තිය හා සත්‍යය සඳහා තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවය. මේ පිලිබඳ  පරික්ෂණ ඇණහිට ඇති බව පෙනෙන්නට ඇති බවත් ඒ් නිසා මෙහි විනිවිදභාවය සහ වගවීම පිළිබඳ කනස්සල්ලට පත්වන බවත් ඇය කියා සිටියි.

ලෙබනනයේ බලාපොරොත්තු සුන්වීම සහ කෝපය උත්සන්න වී ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලට් අද අවධාරණය කරන්නේ, පසුගිය අගෝස්තු මාසයේදී සිදු වූ දේ පිළිබඳව විනිවිද පෙනෙන, ඵලදායි, අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කිරීම සහ වගකිවයුත්තන්ට වග කිව යුතු බවට ලෙබනන රජයේ හදිසි අවශ්‍යතාවයක් බවය.

ඵලදායී පිළියම් සහ වන්දි ගෙවීමකින් වින්දිතයින්ගේ අයිතිය තහවුරු කරන ලෙස ද මහ කොමසාරිස්වරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ශානි

 

Social Sharing
නවතම විදෙස්