මනාප අංක සඳහන් මුඛ ආවරණ වලට තහංචියක්!

2020 මහ මැතිවරණයට ඇතතේ තවත් දින කිහිපයකි. සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් මේ වන විට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹා තිබේ. කොවිඩ් 19 වසංගතයත් සමඟ මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතුද වෙනස්ම මුහුණුවරක් ගෙන ඇති බව දැකිය හැකිය.

ඇතැම් අපේක්ෂකයින් සිය නම, මනාප අංකය, පක්ෂයේ සලකුණ සටහන් කළ මුඛ ආවරණ බෙදා දීමද මේ අතර කැපී පෙනෙන සිද්ධියක් විය. ඇතැමුන් මෙකී මුඛ ආවරණ පැලඳ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු වල නියැලී සිටිනුද දක්නට ලැබුණි. මෙය මැතිවරණ පනත අනුව වරදකි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇත. එම පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව මින් ඉදිරියට මෙලෙස මනාප අංක, සලකුණු සඳහන් මුඛ ආවරණ පැළඳීමෙන් වැලකී සිටින ලෙස පොලිසිය මහජනතාවට දන්වා සිටිති.

Social Sharing
නවතම