දරුවන් 3000 කට අධික පිරිසක් පරිවාස භාරයේ !

දෙමාපිය සෙනෙහස අහිමි දරුවන් 3000 කට අධික පිරිසක්  බස්නාහිර පළාතේ  පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකවරණය ලබන බව බස්නාහිර පලාත් පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය පවසයි.

දෙමාපියන්   ජිවත්ව සිටින, දෙමාපියන් ජිවතුන් අතර නැති, හෝ භාරකරුවකු නැති, දරුවන් ගේ භාරය,  රැකවරණය සහ ආරක්ෂාව  ලබන දරුවන් ගණන  වසරින් වසරට  ප්‍රමාණාත්මකව අඩු – වැඩි වන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

බස්නාහිර පලාතේ  ළමා සංවර්ධන මධ්‍යස්ථාන 116 ක මෙම දරුවන් රැකවරණය ලබති. හොදම දේ දරුවන්ට දෙන්නට මා පියන් උදේ හවස වෙහෙස වුවත් දෙමාපියන්ගේ වැරදි නිසාම  මෙම දරුවන් දෙමාපිය,සහෝදර, ඥාති සෙනෙහස නොලබා  ජිවත්වෙති. මාපියන් හැරයාම, විදෙස් ගතව පවුල් සංස්ථා අවුල්ව යාම, මව ,  පියා ,හෝ  එක් අයෙක්  මිය යාම, ආර් ථික  අපහසුතා නිසා හදා වඩා ගැනිම අපහසුවිම ඇතුළු වැඩිහිටියන්ගේ  ගැටළු නිසාවෙන් මෙම දරුවන් මෙලෙස පරිවාස භාරයට පත්ව ඇත.

මෙසේ ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන්ගෙන් පිරිසක් යළි දෙමාපිය භාරයට යන බවත්  ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින් කියති.වැඩිහිටියන්ගේ වැරදි හෝ ප්‍රශ්න නිසා පරිවාස භාරයට පත්වන දරුවන් අධිකරණ කටයුතු වලට ඉදිරිපත් කිරිමේදි බොහෝ අවස්ථාවල සමාජයේ සෙසු වැඩිහිටි වරදකරුවන් සමග රැගෙනයාමේ අවස්ථා තවමත් තිබෙන බව  ළමුන්ගේ මානව හිමිකම්  වෙනුවෙන් පෙනිසිටින සංවිධාන කියති. ප්‍රබල කාරණය ලිංගික අපයෝජනයන්ට ලක්ව පරිවාසගතවන දරුවන් දෙමාපිය අහිමිවිම හෝ වෙනත් සමාජමය වරදකට පරිවාසගතවන දරුවන් සමග එකට තැබිමෙන්  අහිංසක  දරුවන්  බරපතල ලිංගික ව්‍යසනයන් අත්විදින බව ළමා හා කාන්තා කාර්යංශ නිළධාරින් කියති.

 

එස්. පොද්දෙණිය

Social Sharing
නවතම