රංජන් රාමනායක ගැන බන්ධනාගාර ඇමති කියන කථාව …

හිටපු පාර් ලිමේන්තු  මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ඔහු පවසන්නේ රංජන්ට එරෙහි චෝදනාව බරපතළ එකක් බවය. ඔහුට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දී ඇතැයිද මාදිවෙල මන්ත්‍රී නිල නිවෙසේ ඔහුගේ බඩු බාහිරාදිය තබා ගැනීමටද මාස 3 ක සහන කාලයක් ලබාදුන් බවද ඔහු කියා සිටියි.

රංජන් රාමනායකට ඇත්තේ අධිකරණ්‍යට අපහාස කිරිමේ චෝදනාවකි. නමුත් දෙමසකට කලින් ජනාධිපති නදහස ලැබු දුමින්ද සිල්වාට තිබුණේ ඝාතන චෝදනාවකි. මේ කරුණු දෙකෙන් වඩාත්ම බරපතල කරුණ කුමක්ද කියා බන්ධනාගාර අමාත්‍යවරයා නොදැන සිටිනවා විය නොහැක.

මරණිය දණ්ඩනයට යොමු වු අයෙකුට ජනාධිපති සමාව ලබා දීම හා සිරගත වු අයෙකුට ජනාධිපති පොදු සමාව ලබා දීම අතර වෙනස මොන ආකාරයෙන් බරපතල දෙයක්ද යන්න දැන දැනම ඔහු මේ පවසන්නේ පහුගිය සියල්ල අමතක කර දමාද යන්න විමසිය යුතු පැනයකි.

රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා මේ වන විට කලාකරුවන් රැසක් සංවිධානය වෙමින් ඇත. රංජන් සමඟ අපි කලා හවුල නම් එම සංවිධානය පහුගියදා කොළඹදි මාධ්‍ය හමුවක්ද පවත්වා මේ ගැන ඉල්ලීම් කර තිබුණි.

එමෙන්ම රන්ජන් රාමනායක මහතාට පොදු සමාව යටතේ නිදහස ලබා දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂය පසුගියදා ඉල්ලීමක් කළ අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා සාධාරණ හේතුවක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසය.

මේ අතර ඔහුගේ මන්ත්‍රී නිල නිවාසයද ආපසු ලබා ගැනීමට කටයුතු කෙරුණු අතර එහිදි එම නිවස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් ලබා ගෙන නැවත එය රංජන් රාමනායක මහතාගේ කටුයුතු වෙනුවෙන් ලබා දීමටද පහුගියදා කටයුතු කරනු ලැබුණි.

ශානි

 

 

Social Sharing
නවතම