බූස්සේ රඳවා සිටින කංජිපානි ළඟට දුරකථනය අරන් ගියේ කවුද?

බන්ධනාගාර ගැන කථා කරද්දී බූස්ස බන්ධනාගාරයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ දරුණු ගණයේ අපරාධකරුවන් එහි රඳවා තැබීම නිසාය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවද පවසන්නේ එහි සිටින කිසිම සිරකරුවෙකුට ජංගම දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවය. ඒ එහි දුරකථන ඇමතුම් ක්‍රියා විරහිත කිරීමේ උපකරණයක් (ජෑමර්) සවි කර ඇති නිසාය.

එමෙන්ම මෙම බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නිලධාරීන්ද ඇතුලට යවන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ සෝදිසියකට ලක් කිරීම නිසාය. ඔවුන් එසේ කරන්නේ බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ට යම් යම් නීති විරෝධි දේවල් රැගෙන යාම පිලිබඳව පහුගිය කාලය පුරා අත්අඩංගුවට ගත් හෙයිනි.

නමුත් මොන තරම් ආරක්ෂිත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළද බූස්ස බන්ධනාගාරයේ අංක 03 සිර කුටියේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සිර කුටියේ තිබි බන්ධනාගාර බුද්ධි ආරක්ෂක අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඉකුත් 01 දා අලුයම ඇන්රොයිඩ් වර්ගයේ දුරකථනයක්, එම චාජරයක් හා සිම්පත් 04 ක් සොයා ගෙන තිබේ.

දැඩි ආරක්ෂිත තත්ත්වයක් යටතේ පවතින මෙම බූස්ස බන්ධනාගාරය තුල මෙලෙස ජංගම දුරකථනයක් හමුවීම සියලු දෙනාටම විශාල ප්‍රහේලිකාවක් වී ඇත. මෙය කා හරහා කංජිපානි අතට පත් වුවද යන්න ගැටලුවකි.

මෙයින් පෙනී යන්නේ බූස්ස බන්ධනාගාරය දරුණු ගණයේ අපරාධකරුවන් රඳවමින් ඔවුන්ට අනේක සීමා පනවමින් එහි ආරක්ෂාව සියයට සියයක් බව සහතික කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යම් හිඩැසක් ඇති බව නොවේද?

Social Sharing
නවතම