හම්බන්තොට රෝහල පිලිකා රෝගීන්ගේ එන්නත තාවකාලිකව නවතයි!

නේවාසිකව ප්‍රථිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකු පසුගිය මාසයේදී සැකකටයුතු ලෙස මිය ගොස් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලෙන් වාර්තාවෙයි.

පිළිකා රෝගීන් සදහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකුට ලබා දීමෙන් අනතුරව එම රෝගීන් දෙදෙනා  මිය ගොස් ඇති බවත් ඉන් අනතුරව අදාළ එන්නත ලබා දීම අත් හිටුවා ඇති බවත් දැනගන්නට තිබේ. ප්‍රශ්න ගත එන්නත  රෝගීන්ට ලබා දීම තාවකාලිකව නවතා දැමූ බව හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි  මහතා පැවසීය.

ඉකුත් අගෝස්තු මස පලමු දින මෙලෙස මිය ගොස් ඇත්තේ  අංක 154/2020  ලියා පදිංචිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රථිකාර ලැබූ ඩී.එස්. මාලනී යන අය බවත් ඇය ‘’කුඹුක් සෙවන’’ නිල්වැල්ල ,දික්වැල්ල යන ලිපිනයේ  පදිංචි කාරියක බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඇයගේ මරණණයෙන් දින කිහිපයකට පසුව අංක 160/2020 යටතේ ලියාපදංචි වී  හම්බන්තොට රෝහලේ ප්‍රථිකාර ලැබූ ඩී.ඒ සොමිනෝනා  යන කාන්තාවටද මෙම එන්නත දී ඇති බවත් ඇයද සැක කටයුතු ලෙස මිය ගොස් තිබූ බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සැකයට භාජනය වූ එන්නත රෝගීන්ට ලබාදීම නතර කොට ඇති හම්බන්තොට රෝහල් පාලනාධිකාරිය මිය ගිය ඩී .එස් මාලනීගේ මරණයට එම එන්නත හේතු වී ඇත්දැයි සොයා බැලීම සදහා අදාළ අංශ දැනුම්වත් කොට තිබේ. හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේවර්ණ මහතා පැවසුවේ අදාළ එන්නත පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කොට ඇති බවයි.

රෝහල් අධ්‍යක්ෂක වරයා වැඩි දුරටත් පැවසුවේ මෙරට ට ඖෂධ ගෙන්වනු ලබන ආයතන ගණනාවක් ඇති බවත් ඒවා ඉතා තරඟ කාරිව කටයුතු කරන බවයි.එම නිසා වෙනත් ආයතන වල ඖෂධ පිළිබදව බොරු මත සමාජයට මුදා හැරීම සදහා සමහර ආයතන  කටයුතු කරන බවද ඔහු පැවසීය.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම