ස්වසන පද්ධතිය උණුවතුරෙන් තම්බාගෙන කොරෝනාවට කලින්, ඔබට මිය යාහැකි යි.

ශ්‍රී ලංකා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කළ සහ එහි ප්‍රතම සභාපතිවරයා වූයේ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා යි.

එතුමා ශ්‍රීලංකාවේ ප්‍රකට ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම කැළණිය සහ කොළඹ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨයන්හී මහාචාර්ය වරයකු ද ලෙස සේවය කළ විද්වතෙක්. මේ C-19 යම් යම් ගොඩ වෙදකම් ගැන එතුමාගේ අදහස් සම්පිණ්ඩනයක්..

Covid – 19 ප්‍රතිකාර ලෙස උණු වතුර, හුමාලය, දුම්හට්ටිය සහ ඇල්කොහොල් යොදා ගැනීම ගැන, මේ දිනවල ලොකු කතා බහක් යනව. මේ අර්ධ වෛද්‍ය විද්‍යනුකූල උපකල්පනය වෙනුවෙන් විවිධ වෛද්‍ය වෘත්තිකයන් පවා පෙනී සිටිනව.  එනිසා, ඒකෙ ආදීනව කියන්න ප්‍රථම,  වෛද්‍ය විද්‍යනුකූල දැනුමක් නැති අයට මේ රෝගය හා එය බෝවීමේ ක්‍රියාවලිය ගැන අවබෝධයක් ලබා දීම, වැදගත් වනව.

වෛරසය ශරීරය ආක්‍රමණය කරන ආකාරය…

වෛරසය ඔබගේ සිරුරට ඇතුල් වූ පසු, එය ඔබගේ මුඛය හෝ ආහාර මාර්ගය ආශ්‍රිතව විතරක් රස්තියාදු වෙවී ලොකු වේලාවක් රැඳී ඉන්නෙ නැහැ. එය වහ වහා උගුර හා ඒ ආශ්‍රිත කෝටි සංඛ්‍යාත සෛල බිත්ති මතට වැද, ක්ෂණිකවම සෛල අභ්‍යන්තරයට ගමන් කරනව. එසේම වෛරසය සෛලයේ RNA හෙවත් සෛල ප්‍රෝටීන නිශ්පාදන යාන්ත්‍රණය අත්පත් කර ගනිමින් වෛරස කෝටි ගණන් ස්වයං ගුණනය වීම අරඹනව…

ඒ අනුව තැනෙන  වෛරස් තොග පිටින් සෛල හරහා සිරුරේ අභ්‍යන්තර පටක දක්වා ගමන් කරනව. අවසන එය රැධිර සංසරණ පද්ධතියට එකතු වනවා…

එහිදී, reticulo-endothelial system (RES) හෙවත් සිරුරේ ප්‍රතිශක්තිකරන යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම අරඹනව.

බීජෞෂණ සමය( incubation period)

එනම් වෛරසය ශරීරගත වී එහි රෝග ලක්ෂණ මතුවීමට ගත වන කාලය බීජඖෂණ සමය ලෙස හැදින්වෙනව. කොරෝන වෛරසයෙ එම කාලය දින 2 සිට දින 14 දක්වා විය හැකියි. ඒ නිසයි දින 14 ක් වත් අවම ලෙස කොරොන්ටයින් කිරීමට අවශ්‍ය යැයි කියන්නෙ. එසේම වෛරසය ඇතුල් වූවන්ගෙන්, 80% ක් පමණම, කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකට හෝ යන්තමට රෝගී බවක් පෙන්නුම් කොට හෝ  තම සිරුරේම රෝගාරක්ෂණ පද්ධතිය විසින් වෛරසය නසා දැමීමට සමත්වනව.

ප්‍රතිදේහ හා සයිටොකීන  සටනට….

සිරුර විසින් නිපදවන ප්‍රතිදේහ මෙන්ම සයිටොකීන නමැති සිරුරේ සෛල වලින් නිපදවන ප්‍රෝටීනමය ආරක්ෂක සංයෝග ද ඉවහල් වනව. මෙහිදී සයිටොකීන පිළිබඳව දැනගැනීම ද රසවත් මෙන්ම වැදගත්. විෂබීජ හෝ ආගන්තුක දේහ සමඟ සටනට නිපදවෙන සයිටොකීන, හොඳට හොඳයි නරකට නරකයි වගේ ජාතියක්.  සිරුර විසින් සයිටොකීන නිපදවීම හා ඒවා විසින් සිද්ධ කෙරෙන ඕනෑවට වඩා වැඩි ප්‍රතික්‍රියා නිසා වන සයිටොකීන කුණාටු තත්ත්ව නැවැත්වීමට, මානව වර්ගයාට තවමත් හැකිව නැහැ.

සයිටොකීන එක්ක සෙල්ලං බෑ..

සිරුරේ සෛලවලටත් එයා දෙනව බැටේ…

සයිටොකීන වලින් සිරුරට ඇතුල් වුන ආගන්තුක දේහද විනාශ කර දමනව වගේම සිරුරේ සෛල ද විනාශ කර දමන්නට පුලුවන්. කෙටියෙන් කිව්වොත්, වැඩිපුර නිපදවී ඇති සයිටොකීන විසින් තම සිරුරේ සෛලද විනාශ කර දමනව. ඒ අනුව පෙනහළු, හෘදය හෝ වකුගඩු ආදී ඉන්ද්‍රියයන්ට රුධිරය සපයන රුධිරනාල ඇතුලත වූ මතුපිට සෛලද විනාශ කර දමනව. එසේ වූ විට රුධිරපට්ටිකා ඒ විනාශ වූ සෛල ස්තර වෙත එකතුවී රැධිර කැටි හදමින් ආරක්ෂක ක්‍රමවේදයකට යනව. මෙය භයානක තත්ත්වයක්. Disseminated intravascular coagulation (DIC) හෙවත් රැධිර වාහිනී පද්ධතිය තුළ කුඩා කුඩා රුධිර කැටිගැසීම මඟින්, සිරුරේ වැදගත් ඉන්ද්‍රිය පද්ධති වලට ලේගමනාගමනය අවහිර කරවනවා..

එසේම මෙම සයිටොකීන විසින් සිරුරේ සෙසු සෛලද විනාශ කරනව.

[ෂිගෙල්ලා (Shigella dysenterea) බැක්ටීරියාවෙන් හැදෙන Haemolytic Uremic Syndrome නැමැති පාචන රෝගයේ දීද  මීට සමාන ක්‍රියාවලියක් සිදුවන බව 1992 දී පමණ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු කණ්ඩායමක් පෙන්වා දී තිබෙනව. (DGH de silva et al GUT 1993; 34: 194-198.)]

මොකක්ද එතකොට උණු වතුරෙන් හේදිල්ලෙයි  ලෙඩෙයි අතර සම්බන්ධය?

  1. විෂ බීජ මරා දැමීමට නම්, වෛරසය ගුණනය වන උගුර ආශ්‍රිත සෛල වැස්ම උණුවතුරෙන් පුළුස්සා දැමිය යුතුවනව. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කලොත් මොකද වෙන්නෙ? කොරෝන නැතත් ඔබට මිය යන්න එය හේතු වෙන්න පුළුවන්…
  2. එහෙනම්, උගුර පුළුස්සා නොගන්න මඳ උණුස්ම් ජලය පාවිච්චි කළ යුතු වනවා…
  3. වෛරසයේ මූලික ගමන් මග වන්නේ ස්වසන පද්ධතියයි. නමුත් ඔබ පානය කරනු ලබන උණුසුම් ජලය ස්වසන මාර්ගය තුළට ගමන් නොකරයි. ඒ නිසා එතනදීද මේ වාෂ්ප ඇල්ලිල්ල නිසා වෛරසය විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උණු වතුර ආශ්වාස කළ හොත්, ඔබ මිය යන්නේ කොවිඩ් වලින් නොව උණු වතුර ඉස්පොල්ලේ ගොසින්ය..

මේ අනුව, ශ්වසන පද්ධතිය තුළට හුමාළ ඇල්ලීම සහ දුම්හට්ටි වෙදකම ගැන ප්‍රවර්ධනය කරන බකපණ්ඩිතයින් සමාජගතකර ඇති කාරණා නිසා කොරෝනාවට කලින් ශ්වසන මාර්ගය පිලිස්සී මියයාමට හේතු විය හැකියි.  මොහොතක් සිතා බලන්න. ඔබ හුමාළය හෝ දුම් හට්ටියෙන් දුම් අල්ලන විට, ඒ උණුසුම් වාෂ්ප ස්වාසනාලය කරා ලඟාවන විට, කොහොමත් ඒවා ශරීර උෂ්ණත්වයට සමාන වනව.

ප්ලැසිබෝ ඉෆෙක්ට්ස් මානසික සුවය..

ඔබට වෙනත් ප්‍රතිකාරයක් ඇත්තේම නැතිනම්, ප්‍රෙව්ශමෙන් පුච්චා ගන්නේ නැතිව වාෂ්ප අල්ලා ගන්න.  මොකද එහිදී ඔබට, ප්ලැසිබෝ ඉෆෙක්ට් හෙවත්, මේක හින්ද මං සනීප වෙනව කියන රෝගියා සතුවන විශ්වාසය නොහොත්, ගෞණ කල්ප ආචරණය නිසා ඇතිවන හුදු මානසික සහනයක් හේතු විය හැකියි. කෙසේවෙතත් 80%කටම, හුමාළ, දුංහට්ටිඇල්ලුවත් නැතත්, ඇල්කොහොල් ගත්තත් නැතත් මේ රෝගයේ රෝග ලක්ෂණ පහළ නොවී ඉබේම හොඳවී යා හැකියි.

මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාගේ අදහස ලිව්වේ..

✍️සමනොළ.

උපුටා ගැනීම මුහුණු පොතෙන්..

Social Sharing
නවතම