කොරෝනා අස්සේ වියානා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්!

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වියානා අගනුවර අගුළු දැමීමට පැය කිහිපයකට පෙර එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ත්‍රස්තවාදීන් වියානා අගනුවර ස්ථාන 6 කදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

අල් ජසීරා පුවත් සේවය සමග එක් වූ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුම් වියානා පොලීසිය හා විශේෂ බලකාය එක්ව තවදුරටත් සිදු කරන බවයි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් කිහිප දෙනෙක්ම තුවාල ලබා ඇති බවත් තවමත් වෙඩි හුවමාරු සිදු වන බවත් ත්‍රස්තවාදීන් අවම වශයෙන් එක් අයකු හෝ ජීවිතක්ෂයට පත් වී ඇති බවත් අභ්‍යන්තර කටයුතු ඇමති වරයා අල් ජසීරා වෙත ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම විදෙස්