රියාද් බදීයුර්දීන් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100 ගෙන් ලිපියක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන මාස පහක් තිස්සේ රඳවා තබාගෙන විමර්ශන සිදුකර නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා නිදහස් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ සොහොයුරු වු රියාද් බදියුර්දීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදා හැරීම සම්බන්ධයෙන් ඔහු මුදා හැරිය දා සිටම දස අතින් පළ වුයේ විරෝධතාය.

විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධතා, උද්ඝෝෂණ පවත්වන ලදි. මෙම සිද්ධියත් සමඟ  ජනාධිපති, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න යන අයව  සමාජ මාධ්‍ය ජලජ තුල කලු චරිත බවට පත් කර තිබුණි.

කෙසේ නමුදු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඔහුව නිදහස් කළත් ඔහු සම්බන්ධ පරික්ෂණ තවමත් සිදු කෙරෙමින් පවතින බවය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටියේ තමන්ට රිෂාඩ් මන්ත්‍රීවරයා සමඟ කිසිදු ඩීල් ඒකක් නොමැති බවය.

මේ අතර රිෂාඩ් බදියුර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදීයුර්දීන්  වහාම යළි අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඊයේ (09) අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදී තිබේ.

මෙම මන්ත්‍රීවරුන් එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ රියාජ් බදූර්දීන්ට එරෙහිව ප්‍රබල සාක්ෂි පැවතිමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස ඔහුව නිදහස් කර ඇති බවකි.

2019 අප්‍රෙල් 21 දින සිදු වු පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් රියාද් බදියුදීන්ව පහුගිය අප්‍රේල් මස 14 වෙනි දින අත්අඩංගුවට ගන්නා ලදි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබියදීත් සැප්තැම්බර් 30 වෙනි දින අධිකරණයට ඉදිරිපත් නොකර, කිසිදු නීතිමය අවසරයකින් තොරව රියාද් බදියුදීන් මහතාව නිදහස් කරන ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මෙම අන්තනෝමතික ක්‍රියාව සම්බන්ධයෙන් පුර්ණ පරික්ෂණයක් පවත්වා  යළි ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස මෙම ලිපියෙන් ඉල්ලා ඇත.

රියාද් බදීයුර්දීන් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් පෙත්සමක්!

 

Social Sharing
නවතම