මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.

මහ මැතිවරණය මුවාවෙන් මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර තිබේ.

විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක්තරා කණ්ඩායමක් විසින් ජනතාවගේ තොරතුරු මෙලෙස ඒකරාශී කරමින් සිටින බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී තිබේ.

මැතිවරණ දින ආසන්න වීමත් සමඟ මෙලෙස පුද්ගලයින්ගේ තොරතුරු එක් රැස් කිරීම ඉහළ යන බවට ඔවුන්ට නිරීක්ෂණය වී ඇති අතර මෙම තත්ත්වය ඉතාම භයානක බවද ඔවුන් පෙන්වා දෙයි.

විවිධ දැන්වීම් හෝ කෙටි පණිවිඩ හරහා යොමු කෙරෙන පණිවිඩ වලට තමන් නොදැනුවත්ම තමන්ගේ සියලු පුද්ගලික දත්ත පිටට යාම මෙයින් සිදු කෙරෙන නිසා නොදන්නා දැන්වීම්, පිටු, කෙටි පණිවිඩ වලට ප්‍රතිචාර නොදක්වා සිටීම වඩාත් සුදුසු බව එම සංගමය මහජනතවාට අවධාරණය කර සිටියි.

මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කිසිදු වගකිවයුතු පාර්ශවයක් මෙතෙක් කටයුතු නොකිරීමද ගැටලුවක් වන අතර ඒ නිසා මේවා සිදුවන්නේ ඔවුන්ගේ අනුදැනුමෙන්ද යන්න සැකය මහජනතාව අතර හට ගෙන තිබේ.

Social Sharing
නවතම