“මැතිවරණයක් කල් දැම්මොත් භයානක ප්‍රථිපල වලට මුණ දෙන්න වෙනවා!” – මෛත්‍රි

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් නැතිනම් ඊට කලින්  හෝ මැතිවරණය පැවැත්විය යුතු බවත් මැතිවරණයක් කල් දැමීමේ භයානක ප්‍රතිඵලය තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( 15)  සවස් වරුවේ පොලොන්නරුව බකමුණ ප්‍රදේශයේ පැවති ජන හමුවක දී පැවසීය.

සිය මහා මැතිවරණ  ව්‍යාපාරයේ තවත් එක් ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය. එහි දී වැඩි දුරටත්  අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“මම දන්නවා, මැතිවරණයක් කල් දැම්මොත් රටට ඇති වන භයානක තත්වය පිළිබඳව,ඒ නිසා  විශාල විනාශයක් සිදු වෙනවා. මේ රට කඩා වැටෙනවා. ඒ නිසා විපක්ෂයේ වුවමනාව නෙමෙයි අපි සටන් කළ යුත්තේ රජයක් විදිහට ජනතාවගේ වුවමනා තමයි අපි ඉෂ්ට කළ යුත්තේ. ඒකට මුහුණ දෙන්න ඕන කිසිසේත්ම මැතිවරණ කල් දැමීම සුදුසු නැහැ, හැකිනම් මැතිවරණය ඉක්මනට පවත්වන්න ඕනෙ එම නිසා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ට සහයෝගයඩෙන්න ඕන. ඒ වගේම  රට බේරගන්න රටේ ජනතාව වෙනුවෙන් මැතිවරණය ඉක්මනින් පවත්වලා අපි මේ වසංගතයට මුහුණ දෙන්න ඕනේ, ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් රට බේර ගන්නත් ඕනේ, ඒ තැනටයි අපි  යා යුත්තේ  අපි අද මේ මැතිවරණයේ ජයග්‍රහණය කරලා රජයට සහයෝගය ලබාදිය යුතුයි.

දැන් මේ බජව් දාගෙන අරවා මෙව්වා කිය කියා මට බැන බැන, යන පුංචි මහත්තුරු ඉන්නවා නේ ගොඩක්, මම දේශපාලනය ට ගෙනාපු අය මේ සුදු මහත්තුරු ගොඩක් ඉන්නේ, අර වාහන වල කෑගහගෙන යන්නේ එහෙම, ඉතිං ඒ ගොල්ල ඔය මම මොරගහකන්ද කැලේට රිංගන කොට, බකමූණ පාර කපන කොට, 1995 ඉඳන් අවුරුදු පහළොවක් විතර ඇති මම දන්නෙ නෑ ඒ අය ලංකාවේ හිටිය ද නැද්ද කියලා, ඒගොල්ලො ජපානෙ හිටියේ බිස්නස් කර කර, 2010 දී ආවා මාව හම්බෙන්න මගෙ මල්ලිත් එක්ක, අර ජපන් මහත්තයා සුදු එක්කෙනා, 2010 දී අපේ ගෙදරට ආවා කොළඹ ගෙදරට ජපන් මහත්තයා, අපේ ඩඩ්ලි එක්ක ආවේ අයියා මෙයා පොළොන්නරුවේ හොඳ ජපානෙ බිස්නස් කාරයෙක්   කිව්වා, ඉතින් බොහොම හොඳයි මොකෝ මේ ආවේ කියලා මම ඇහුවා, මම රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙන්න තුන් සැරයක් ගියා UNP එකෙන් ටිකට් එක අරගන්න දැන් 2010 ඡන්දෙ ළඟයි. ඉතින් මම ඇහුවා මොකද උනේ කියලා නෑ අර්ල් ගුණසේකර මහතා යන්න දෙන්නේ නෑ රනිල් හම්බෙන්න යන්න දෙන්නේ නෑ කියලා, රනිල් හම්බෙන්න යන්න දෙන්නෙ නෑ ඒක නිසා මම මෙහෙ ආවේ සර් හම්බෙන්න, සර්ගෙන් වත් කියලා. මම ඉතින් කිව්වා ප්‍රශ්නයක් නෑ ඔයා ව්‍යාපාරිකයෙක්නෙ පොළොන්නරුවෙ කියලා, පොළොන්නරු වෙන්නේ ප්‍රශ්නයක් නෑ මම මේක හදලා දෙන්නං, අනේ නෑ සර් මට තව එක සැරයක් දෙනවාද සිරිකොතට ගිහින් එන්න. මං කිව්වා එහෙනම් ඔයා එහෙන් ට්‍රයි එකක් දෙන්න. පුළුවන්නම් එහෙනම් අරගන්න කියලා. සුමානෙකින් විතර පස්සෙ මිනිහා තනියම ආවා ඩඩ්ලි නෑ මම ඇහුවා මොකද කියලා. හරියන්නෑ සර් වැඩේ සර් ම දෙන්න මට ඊට පස්සේ මම සුමානෙකින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට එක්ක ගියා. ගිහිල්ලා පොලොන්නරුව දිස්ත්‍රික් සංවිධායක කරල 2010 ඡන්දයට දැම්මා. ඔන්න දැන් පේනවනෙ සෙල්ලම. අර ඉන්නෙ ගෙදර අම්මට තාත්තට ගහනන ළමයි ඉන්නව නේද. අන්න එහෙම ළමයි ඉතින් ඒවට ගැන කතා කරලා වැඩක් නෑ, කරන්න දෙයක් නෑ”, යයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත්  පැවසීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම