පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති

සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම වසරේ පමණක් කුඩු සම්බන්ධ නඩු දහතුන්දාහක් වාර්තා වී ඇතැයිද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි.

කුඩු වලට ඇබ්බැහි වී සිටින ඒ පන් ලක්ෂ පනස් තුන් දහස යනු සියයට 05 බවත් විසි දෙනෙක් ගෙන් එක් කෙනෙක් කුඩුවලට ඇබ්බැහි වී ඇතැයිද අමාත්‍යවරයා කීහ.

2015 වර්ෂයේ අපේ රජය යන විට ලංකාවේ කුඩු සම්බන්ධ නඩු 6600 ක් තිබු අතර එය 2016 නඩු 8000 ක්  බවට පත්ව 2017 වන විට ඒ තත්වය 11000 කින් වැඩි වි ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

2018 වන විට 12000 ක් බවට පත් වී පසුගිය අවුරුද්දේ නඩු 16 දාහක් බවට පත්ව මේ අවුරුද්දේ මේ මාස කිහිපයට මේ දක්වා කුඩු සම්බන්ධ නඩු 13 දාහක් වාර්තා වි ඇති බව දැනගැනීමට ලැබුණු බවත් අමාත්‍ය අලී සබ්‍රී මහතා පවසයි.

මේ තත්වයෙන් රට බේරා ගත යුතු බවත් මේ රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරන බවත් මත් ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයාගෙන ඒකට විශේෂ බලකායක් අවශ්‍ය නම් ඒයද හදන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී  මහතා මෙම අදහස් පළ කළේ කලුතර වියන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ පස්වරුවේ එක්වෙමිනි.

ශානිකා

Social Sharing
නවතම