නවසීලන්තය කොරෝනා මුළුමණින්ම පාලනය කරයි!

නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි.

එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  සදහන් කරන සිටියේ වෛරසය පැතිරීම නවතා දමා ඇති බව තමා විශ්වාස කරන නමුත් ඒ සම්බන්ධයෙන් තව අවධානමෙන් පසු විය යුතු බවය.

සෞඛ්‍ය අංශවල නිගමනයට අනුව මේ වන විට නවසිලන්තය කොවිඩ් නයින්ටීන් වසංගතය සම්පුර්ණයෙන් පාලනය කළ බවට නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බව නවසීලන්ත සෞඛ්‍ය අමාතංශ්‍යය නිවේදනය කර තිබේ.

නවසීලන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1504 වන අතර ඉන් ආසාදිතයන් 1482 කු සුවය ලබා ඇත. වෛරසය ආසාදනය විමෙන් එරට සිදුව ඇති  මරණ සංඛ්‍යාව 22 කි.

Social Sharing
විදෙස්