දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව අගමැති කියයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂයට උතුරු හා නැගෙනහිර  වැඩි ආසන දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ( TNA ) බලකොටුව අල්ලා ගනිමින් දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ  මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින මහනුවරදී සිය අමාත්‍යධුරය භාර ගැනීමෙන් අනතුරුව විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇති බව todayjaffna වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

උතුරු හා නැගෙනහිර මැතිවරණ කොට්ඨාශ වල  මෙවර ආසන 9 ක් දිනා ඇති අතර  දෙමළ ජාතික සන්ධානය සහ එහි සගයන් ආසන 11 ක් දිනා ඇත. එනම්, යාපනය, වන්නි සහ මඩකලපුව යන මැතිවරණ කොට්ඨාශ වල  ආසන 6 බැගින්, අම්පාර මැතිවරණ කොට්ඨාශයේ ආසන 4 ක් සහ ත්‍රිකුණාමලය  ඡන්ද කොට්ඨාශයේ  ආසන 1 බැගින් අතර මෙහි විශේෂත්වය වන්නේ මඩකලපුවේ පිල්ලයාන් බන්ධනාගාරයේ සිටියදී අම්පාර  දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම බවද ඔහු සඳහන් කර තිබේ.

ඒ් අනුව උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ හදවත් හා මනස් දිනාගෙන ඇති බව සනාථ වී තිබෙන බවත්  ඔවුන් අපව  විශ්වාස කරන බැවින් අපගේ පාලන තන්ත්‍රය තුළ ඔවුන්ගේ සියලු ගැටලුවලට විසඳුම් ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ඒහිදී සඳහන් කර සිටියේය.

ඒමෙන්ම ඔහු මෙහිදී කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය වෙනස් විය යුතු අතර  ඔවුන් ක්‍රියා කළ යුත්තේ රටේ සහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් මිස LTTE යේ දේශපාලන ප්‍රධාන ධාරාවේ නොවන බවය.

கூட்டமைப்மைவிட அதிக ஆசனங்களைப் பெற்றுத் தமிழ் மக்களின் மனதை வென்றுவிட்டோம் – பெருமிதமடைகிறார் மஹிந்த

Social Sharing
නවතම