ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු

ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ වඩා සාධනීය වර්ධනයන්, ඒවා නැතිවුනායින් පසු කල්පනා කිරීම වැඩක් නැති වැඩක් යැයි කාට හෝ සිතුනහොත් එහිද සාධාරණත්වයක් ඇත. එසේ උවත් වැරදුනු තැන් හදුනා ගැනීම් තුලින් අනාගතයේ වැඩි සාධනීය වර්ධනයන් මිනිසුන් විසින් අත්පත් කර ගත හැකි බව සෑම මිනිස් ක‍්‍රියාකාරීත්වයක් තුලින්ම පිළිබිඹු වේ. ඒ අනුව වැරදුනු තැන් සොයා බැලීම නිශ්ඵල ක‍්‍රියාවක් නොව්.

ඉතිහාසයේ තවත් පාඩමක් නම් යම් ගැටලූ මිනිසුන් හදුනා ගැනීමත්, ඒවා නිරාකරණය කර ගැනීමත් අතර බොහෝ විට එක්තරා කාලයක් ගතවන බවය. මුලින් තදබලව ලෙස යම් ප‍්‍රශ්ණ පිළිබදව හිතටගත් සමහරුන් ඒ පිළිබදව ක්ෂණික විසදුමක් සොයා ගැනීමට කර ඇති උත්සාහයන්ද ඉතිහාසය පුරාම පෙනෙන්ට ඇත. එවැනි උත්සාහයන් අනිවාර්යෙන්ම නිශ්ඵල වනවා පමණක් නොව තමන් බලාපොරොත්තු වන අනාගතය පසු බැස්සවීමද තවත් ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි පාඩමකි.

මේ ලිපිය පදනම් වන්නේ ඉහත කී පූර්ව නිගමනයන් පදනම් කරගෙනය. ජනතා විමුක්ති පෙරමුනේ පැන නැගීමට මෙන්ම දෙමළ කතාකරන ජනතාව අතරට එල්.ටී.ටී.ඊ වැනි සංවිධාන බිහිවීමත් අස්වාභාවික දෙයක් නොෙව්. මන්දයත්, එය යටින් ඇත්තේ තමන්ට බලපාන සමහර ප‍්‍රශ්ණයන් පිළිබදව යම් අවබෝධයක් යම් කණ්ඩායම් තුල වර්ධනය වෙමින් පැවතුන බවත්, එම අවබෝධයට යම් ප‍්‍රකාශයක් දිය හැකි එක්තරා නායකත්වයන්ද පැන නැගුණු බවත්ය.

ජ.වි.පෙ. පැන නැගීම

ජනතා විමුක්ති පෙරමුණේ පැන නැගීම සම්බන්දයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති අතරම ඒ ගැන නොයෙක් වාර්තා හා ලේඛණද පල කොට ඇත. මේවායේ සාරාංශය මෙසේ දැක්විය හැකිය.

අලූතින් ඇති වුනු තරුණ පරපුරක් තමන්ට ලාංකික ආර්ථිකය තුල හා එහි පැවතුන සමාජ තත්වය තුල අත්පත් කර ගත හැකි අනාගතය, එතරම් සොදුරු එකක් නොවනා බව වටහා ගන්නට පටන් ගත්හ. එක් අතෙකින් විරක්ෂා භාවය පිළිබදව ඇති වූ ඔනෑම සමාජයක වෙනස්කම් ඉල්ලා සිටීම කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධකයකි. ඊට අමතරව අලූතින් අධ්‍යාපනය ලබා ඉදිරියට පැමිණි මෙම කණ්ඩායම් බොහෝ දුරට අතීතයේදී ඉතාම පීඩිත තත්වයන්ගෙන් පසු වුනු පවුල් වලින් ඇති වූ අය වූහ.

මේ පිළිබදව 1971 ඇතිවුනු කැරුල්ලෙන් සුලූු දින ගණනක් ඇතුලත ජේ.වී.පී යට සම්බන්ද යැයි සැක කරන ඔිනෑම පුද්ගලයෙකුට රජයට භාර වන සේ අවස්ථාවක් එකල පැවති සිරිමාවෝ බණ්ඩාරණායන ආණ්ඩුව විසින් ලබා දෙන ලදී. ඒ අනුව විශාල ප‍්‍රමාණයක තරුණයන් එසේ රජයේ බාරයට පත් විය. එසේ භාරයේ සිටින අතර ඔවුන්ගේ වග තුග පිළිබදව කරුණු සොයා බැලීමක්ද සිදු විය. මේ කරුණු සොයා ගැනීම සදහා තෝරා ගන්නා ලද්දේ රජයේ ඉහල තනතුරුවල සිටි නිලධාරීන් ය. ඔවුන් මෙසේ අත්අඩංගුවට ගත් අයගෙන් ගත යුතු තොරතුරු සම්බන්දයෙන් ප‍්‍රශ්ණාවලියක් නිර්මාණය කර තිබුනි. මෙම ප‍්‍රශ්ණාවලියේ එක් ප‍්‍රධාන ප‍්‍රශ්ණයක් වූයේ අදාල පුද්ගලයා කුමන කුලයකට අයිතිද යන ප‍්‍රශ්ණයයි. මේ හරහා යම් පීඩිත යැයි සලකනු ලැබූ කුල වල පුද්ගලයන් වැඩි වශයෙන් ජනතා විමක්ති පෙරමුණට ක‍්‍රියාකාරීව සහයෝගය දුන් බවට තොරතුරැ හෙලි විය.

මේ මතය වඩාත් තහවුරු කරන සාධකය වූයේ බෙල්ජියෙම් මහාචාර්ය වරයෙකු වූ ෆ්රුන්ක්වුවා හුටාට් (Francois Houtart) නැමති සමාජ විද්‍යාව පිළිබදව ලෝක ප‍්‍රසිද්ධියක් දැරූ විද්වතෙක් ජනතා විමුක්ති පෙරමුණේ සිදුවීම් වලට ටික කාලයකට පසු ලංකාව සම්බන්දයෙන් යෙදුනු සමාජ සමීක්ෂණය මගින් හෙලිදරව් කල කරුණුය. තමන් ලබාගත් දත්තයන් විශ්ලේෂණය කල හූටාට් මහාචාර්යවරයා කියා සිටියේ ජනතා විමුක්කි පෙරමුණ අඩු කුල හෝ කුල හීනයැයි සැලකූ කණ්ඩායම් තුලින් පැන නැගුණු විරෝධතා ව්‍යපාරයක් බවය.

ඇත්තෙන්ම මෙම කරුණ පිළිබදව කිසිදු සැකයක් ඇති කර ගැනීමට පදනමක් නැත. අත්අඩංගුවට පත් වූ සමහර පුද්ගලයන් ඔවුන් නිදහස් වුවාට පසු ඔවුන්ට සිදු වූ විවිධ සිදු වීම් විටින් විට වාර්තා කොට ඇත. එම අවස්ථාවලදී ද ඔවුන් ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කොට ඇත්තේ කුලය පිළිබදව ප‍්‍රශ්ණය ඉතා තදින් සලකා බැලූ ප‍්‍රශ්ණයක් බව ඔවුන්ගෙන් කල ප‍්‍රශ්ණ කිරීම් වලදී පැහැදිලි වන බවය.

මේ අනුව එක් අතකින් විරැකියාව වැනි කරුණුත් අනිත් අතින් සමාජයේ මුල් බැස තිබූ අනෙකුත් විෂමතාවයන් තුලින් දීර්ඝ කාලීනව භුක්ති විද ඇති විපරීත සැලකිලි වලට විරුද්ධව නැගුණු හඩක් වශයෙන්ද ජනතා විමුක්ති පෙරමුණ හැදින්විය හැකිය.

එල්.ටී.ටී.ඊ යේ පැනනැගීම

මෙම කරුණම ඒ ආකාරයෙන්ම දෙමළ තරුණයන් අතරමද ප‍්‍රකාශ වූ බව පැහැදිළියි. එම එල්.ටී.ටී.ඊ යට අදාල හා ඊට සමානම තවත් ව්‍යාපාර වලට අදාළ බොහෝ පුද්ගලයන් දෙමළ සමාජයේ ඉහල කුලයෙන් ඇති වූ අය නොෙව්. ඔවුන් එම සමාජ ක‍්‍රමය තුල ඉතා දරුණු පීඩානයට පත් වූ සමාජ ස්ථර වලින් ඇති වූ අය වූහ. මේ අනුව මෙම ව්‍යාපාර දෙකේම සහභාගි වූවන්ගේ සමාජ පසුබිම බොහෝ දුරට සමානය. දෙමළ සටන් කරුවන් හා එකල ජීවත් වූ තරුණයන් සාමාන්‍යයෙන් සියලූ ලාංකික තරුණයන් පොදු වේ ආර්ථික වශයෙන් අඩු ආදායම් ලැබූ කණ්ඩායම් වල තරුණයන්ට තිබූ ප‍්‍රශ්ණ භුක්ති විදි අතරම, ඔිනෑම රටක සේ සුලූ ජාතීන්ට සිදු වූ විවිධ විෂමතා සැලකිලි පැවති බවට පිලිගැනීමෙන් වැලකී සිටීමට ඉඩක් නැත.

ඉතාම දරුණු ආකාරයෙන් ජාතිවාදී මත දරන්නන් පවා සුලූ ජාතියක් හැටියට දෙමළ කණ්ඩායම් වලට විෂමතා සැලකිල්ලක් පැවති බව ප‍්‍රශ්ණ කරන්නනේ නැත. ඔවුන් ප‍්‍රශ්ණ කරන්නේ එම ප‍්‍රශ්ණය විසදා ගැනීම සදහා යොදා ගන්නා ලද විධික‍්‍රමය හා මූලෝපායන් සම්බන්ධයෙනි.

ඕනෑම සමාජ ව්‍යාපාරයක් කිසියම් සමාජ හේතුවකින් පැන නැගෙන අතර බොහෝ විට එය ව්‍යාපාරයක් බවට පත් වීමේ දී ඔවුන් විසින්ම කියාගන්නේ තමන් ගැන පදනම් වන ඇත්ත ප‍්‍රශ්ණ පමණක් නොවේ. තමන්ගේ ප‍්‍රශ්ණ අතීශෝ්ක්තියට නැගීම දේශපාලන ප‍්‍රචාරයේදී කොතනත් සිදු වන දෙයකි. කිසියම් හෝ දේශපාලන ව්‍යාපාරයක් තමන් ගැනම කියන දේවල් වලින් පමණක් ඔවුන්ගේ ඇත්ත ස්වභාවය හදුනා ගත නොහැකිය.

මේ අනුව, ජනතා විමුක්කි පෙරමුණ මෙන්ම එල්.ටී.ටී.ඊ ය හා ඊට සම්බන්ද වෙනත් සංවිධානත් ඔවුන්ගේ ප‍්‍රශ්ණ නිරාකරණය කර ගැනීමට පටන් ගත්තේ ඔවුන් එය නිරාකරණය කර ගැනීමට යෝජනා කරන ලද මූලෝපායේ හා පසුබිෙම් පිහිටාය.

මේ කණ්ඩායම් දෙකම ලංකාෙව් ආයුධ සන්නද්ධ අරගලයක් අවශ්‍ය යන පදනමක ඔවුන්ගේ මූලෝපාය පිහිටුවා තිබුනි. එය රෙට් ජනතාව ඉදිරියේත්, ජාත්‍යන්තරය ඉදිරියේත් සාධාරනීකරණය කිරීම සදහා තමන් පිළිබදව ඇති විශ්ලේෂණය සකස් කර ගැනීමට ඔවුන්ට සිදු විය. මෙයද කිසිදු අහම්භයක් නොවේ. ලෝකයේ ඇති වූ සියලු සමාජ ව්‍යාපාරයන් ඒවා වාමාංශික වූවත් දක්ෂිනාශික වූවත් තමන්ගේ ප‍්‍රචාරයේදී බොහෝ දුරට තමන්ගේ මූලෝපායට අනුව තමන්ගේ ප‍්‍රශ්ණය නිර්වචනය කිරීමට හා පැහැදිලි කිරීමට උත්සාහ කරති. මේ අනුව ප‍්‍රශ්ණයෙන් පටන් ගෙන උත්තරයක් දක්වා යෑම වෙනුවට, උත්තරයෙන් පටන්ගෙන ප‍්‍රශ්ණයට විශ්ලේෂණයක් දිීම සමාජ විද්‍යාව තුලින් මෙවනිි ව්‍යාපාර හැදෑරීෙම්දී ඉතා පැහැදිළිව පෙනී යයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කිරීම

මේ අනුව මෙම ව්‍යාපාර දෙකටම ප‍්‍රතික්ෂේප කිරීමට සිදු වූ එක කරුණක් ඇත. එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුල තමුන්ගේ ප‍්‍රශ්ණ විසදා ගැනීමට ඉඩක් නැතැයි යන මතය තමන් වටේ සිටි තමන්ගේම කණ්ඩායම් වලටත් රෙට් ජනතාවටත්, ජාත්‍යයන්තරයටත් ඔවුන්ට කියා පෑමට සිදු වීමයි.

මෙය වෙනස් වූවානම් එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් ඔස්සේ සමස්ථ ලංකාෙව් පාලන ක‍්‍රමය පිහිටුවා ගැනීමේ පදනම මත, තමන්ගේ ප‍්‍රශ්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විසදා ගැනීමේ මාවතක් පවතිනවාය යන විශ්වාසය ඔවුන් තුල පිහිට වූයේ නම් හා ඒ මත ඔවුන්ගේ මූලෝපායන් පිහිට වූයේ නම්, ඔවුන් වටා සිටි ඉතා කැපවීම් වලින් කටයුතු කල ක‍්‍රියාධරයන් තුල සමස්ථ ජනතාව තුලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබදව විශාල පිබිදුවීෙම් හැකියාවක් ඔවුන්ට තිබුනි. එසේ වූවා නම් සිදු වීමට බොහෝ දුරට ඉඩකඩ තිබුනේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන උවමනාවක් ඇති කණ්ඩායම් ඉතා දැඩි බැදීමකින් යුතුව එකමුතු වීමය. ඔවුන්ගේ විවිධත්වයන් නොතකා ඉතා දැඩි බැදීමක් මත එකමුතු වීමක් ඇති වීමට ඉඩ කඩ තිබුනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක ශක්තිය පවතින්නේ සාමූහිකව ඇති වන පොදු එකගතාවයන් ඔස්සේය. රටේ විරක්ෂා භාවය පිළිබද ප‍්‍රශ්ණ හා ඊට අදාල ආර්ථික ප‍්‍රශ්ණ මෙසේ විසදා ගත හැකිය යන සාකච්ඡාවක් රට තුල ඇති වූයේ නම් මේ වන විට ලංකාවට ඉදිරියට යෑම සදහා ඉතා ප‍්‍රභල ජන අවබෝධයක් නිරිමාණය කල හැකිව පවතී. මෙම ජන අවබෝධයෙන් තොරව කෙරෙන ඔිනෑම ව්‍යාපාරයක් අවසාන වශයෙන් පරාජය වීමත්, ඔවුන්ගේ අරමුණු නිශ්ප‍්‍රභා වීමත් වැලැක්විය නොහැකිය.

දක්ෂිණාංශික මූලෝපායේ ගොදුරක් බවට පත් වීම

මන්දයත් ලංකාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වීමට විරුද්ධ බරපතල දක්ෂිනාංශික කණ්ඩායමක්ද සිටී. ඔවුන්ගේ පළමුවනම ප‍්‍රකාශණය වූයේ 1962 දී සිදු කිරීමට උත්සාහ කල රාජ්‍ය පෙරලීෙම් කුමන්ත‍්‍රණයයි. මීට සම්බන්ද වූ ඒ කාලයේ ඉහල තත්වයේ සලකන ලද පොලීසියේ හා මිලිටරි නිළධාරීන් පමණක් නොව, ඔවුන් පිටුපස ක‍්‍රියාත්මක වූ ප‍්‍රභල දේශපාලඥයන්ගේද අවශ්‍යතාවය වූයේ නිදහස් අධ්‍යාපනය පදනම් කරගෙන ලංකාව තුල ඇති වෙමින් තිබූ නව ජන අවබෝධය, පස්සට තල්ලු කර දැමීෙම් අවශ්‍යතාවයය. ඉහත සදහන් කුමන්ත‍්‍රණයේ නායකයෝ මෙය ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශයට පත් කල අතර, එය ඇමරිකාෙව් මිලිටරි පිිළිබදව විශාරදයකු විසින් ඔහු ලියූ පොතක ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට ඇත. එම මහාචාර්යවරයාට මෙම නායකයන් කියා තිබුනේ අප මේ කුමන්ත‍්‍රණය කිරීමේ හේතුව වූයේ අපි ලංකාවේ බුක්ති විදිමින් තිබූ වරප‍්‍රසාද අපේ දරුවන්ට නැති වී යන නිසා, එසේ අලූතෙන් ඇති වී තිබෙන තත්වය වෙනස් කිරීම සදහා තමන් මෙම කුමන්ත‍්‍රණය කල බවය.

කුමන්ත‍්‍රණය අසාර්ථක විය. එහෙත් ඊටත් වඩා දක්ෂ ආකාරයකින් මෙම කුමන්ත‍්‍රණය පිටුපස වූ මූලික අදහස එනම් ලංකාෙව් අලූත් බුද්ධිමත් පරම්පරාවක් විසින් ඇතිකරමින් ගිය අවබෝධයත් එම අවබෝධය නිසා ඇති වූ එකගතාවයත්, ඒ තුලින් පළල් විය හැකිව තිබූ ලංකාෙව් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමත් අවුල්කර හෝ පස්සට ඇද දැමීමය. මේ සදහා අවශ්‍යය නායකයා එකල සිටියේය. එනම් පසුව ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මහතාය. ඔහු ඔහුගේම මූලෝපාය එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති ඉඩකඩ මුලුමනින්ම යටපත් කිරීම සදහා ව්‍යාපාරයට ඉතා ප‍්‍රභල නායකත්වයක් දුන්නේය. මේ සදහා ඔහු සකල ව්‍යවස්ථා නීතියම මුලුමනින්ම වෙනස් කලේය. ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ව්‍යවස්ථාවක් සාර්ථකව ඉදිරිපත් කොට එය සාර්ථකව පවත්වාගෙන යාෙම් තත්වය උදාවිය. එදා සිට අද දක්වා එම ක‍්‍රියාදාමය තව තවත් පළල් වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාෙව් නටබුන් අතරට එක් වී ඇත. අනුරාධපුරයේදී ‌‌ඒ‌ෛ‌තිහාසික නටබුන් නරඹනවා මෙන්ම කොළඹ නගරයේ ඉතිහාසය දෙස බලන විට ඇතිවෙමින් තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක විනාශයේ නටඹුන්ද දැක ගත හැකිය.

එහෙත් එය හුදෙක් මෙවනි දක්ෂිණාංශික බලෙව්ග වලට පමණක් පැවරීම තුලින් සිදු වන්නේ ජනතාව තුලම ඇතිවී හැකිව තිබූ හා අනාගතයේදී ඇතිවීමට හැකිව තිබෙන සාමූහිකත්වය පිළිබදව හැගීම හා තමන්ගේ ප‍්‍රශ්ණ විසදා ගැනීම සදහා එකට එක් කරන මූලෝපායක් ගොඩ නැගීමේ ඇති අවස්ථාව නැති වී යාමය. එම අවස්ථාෙව් පදනම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැර වෙන එකක් නොවේ.

දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් පවතින්නේ නයෙකු විසින් හැර දැමූ හැවක් සේ පමණි. හමේ පාට යම් ආකාරයකින් පෙර සේ තිබිය හැකි වුවත්, එය යට තිබූ ප‍්‍රාණ ජීවියා එහි නැත. මෙම ලිපියෙහි සදහන් වන්නේ මෙම කරුණ පිළිබදව අනිවාර්යෙන්ම ඇති විය යුතු ගැඹුරු හැදෑරීම් වල හා කල්පනා ධාරාවක පැවතිය යුතු යම් පූර්ව නිගමනයන් පිළිබදව සදහන් කිරීමක් පමනි. මීට වඩා පළල්ව මෙම විෂය හැදෑරිය යුතු අතරම, එය කාලයක් තිස්සේම රට තුල පැවතිය යුතු කල්පනාධාරාව බවට පත් විය යුතුව ඇත.

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ - බැසිල් ප්‍රනාන්දු

– බැසිල් ප‍්‍රනාන්දු

මෙම ලිපියේ අනෙක් කොටස් මෙහි බලන්න.

ජනතා ඉතිහාසයක අවශ්‍යයතාවය

http://www.aithiya.lk/n_other.php?id=288

ජන ජීවිතයේ අතීතය

http://www.aithiya.lk/n_other.php?id=289&lan=1

ආදිවාසීන් විසින් ලංකාවට දායාද කල මහා උරුමය

http://www.aithiya.lk/n_other.php?id=297&lan=1

අපේකම යනු කුමක්ද?

http://www.aithiya.lk/n_other.php?id=302&lan=1

අපේකම හා සදාචාර පද්ධතිය

http://www.aithiya.lk/n_other.php?id=305&lan=1

අපේකමේ ආධ්‍යාත්මික පසු බිම

http://www.aithiya.lk/n_other.php?id=309

කෘෂීකාර්මික අතිරික්තයක් තුලින් ඇති වූ සංස්කෘතික ගැටලුවක්

http://www.aithiya.lk/%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%93%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/

Social Sharing
නවතම විශේෂාංග