කෝවිඩ් 19 ධනේෂ්වර ක්‍රමයේම අතුරුඵලයක් – ලක්ෂාන් ප්‍රනාන්දු

මේ වන විට එක් දිනක් තුල, යුරෝපයේ මරණ 2000ක් සහ නව ආසාදිතයින් 200,000ක් වාර්තා වන අතර දල වශයෙන් මෙම සංඛ්‍යා දෙගුන වීමට ගත වන්නේ දින දහයක කාලයක් පමනි. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් වෛරසයේ දැඩි බලපෑමට ලක් වූ රටවල රෝහල් පිරී ඉතිරී ගොස්, මහජනයාට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම සඳහා තව ගත වනු ඇත්තේ සති කිහිපයක් පමනි.

මේ වනවිටත් ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන්ගෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා  ප්‍රතිකාර කරන රෝහල් වල ඇඳන් වලින් භාගයක් ද, ස්පාඤ්ඤයේ රෝහල ඇඳන් වලින් කාලක් පමන ද පිරී ඇත. දැනට දෛනිකව විසිදාහක පමන ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තාවන බ්‍රිතාන්‍යය, ඉතාලිය හා පෝලන්තය, වැනි රටවල ද එසේම දැනට ආසාදිතයින් දාහතර දහසක් පමන වාර්තා වන ජර්මනිය, බෙල්ජියම වැනි රටවල් සිටින්නේ වැඩිම වුවහොත් ප්‍රංශයට සති කිහිපයක් පිටුපසිනි.

යුරෝපය දැන් ගමන් කරමින් සිටින්නේ, විසිවන සියවසේ දෙවැනි ලෝක යුද සමයට පසු අත්දකින මහා පරිමානයෙන් මනුෂ්‍ය ජීවිත අහිමි වීමක් අභියසය. මිලියන ගනනක ජනයාගේ ජීවිත දැඩි අවදානමක පවතියි. මාර්තු මාසෙදි ජර්මන් බුද්ධි අංශය සකස් කල වාර්තාවකට අනුව වෛරසය එලෙස ව්‍යාප්ත වුවහොත් මිලියනයක පමන පිරිසක් ජර්මනිය තුල මිය යන බවට වාර්තා කර ඇත. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, ජාතික රූපවාහිනී මගින් ප්‍රකාශ කර ඇත්තේ, හදිසි පියවර වහා නොගතහොත් ප්‍රංශය තුල ලක්ෂ හතරක ජනයා මිය යනු ඇති බවයි.

ඉතාලියේ පසුගිය මාර්තුවේ වාහන, ලෝහ සහ ඉංජිනේරු කර්මාන්ත හරහා පැතිර ගිය වෘත්තිය සමිති වලින් ස්වාධීන වූ වර්ජන රැල්ල පසුව ස්පාඤ්ඤය, ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යයේ සැපයුම් ජාලය සම්පූර්නයෙන්ම අවුරමින් යුරෝපය පුරා කර්මාන්ත ඇන හිටවන ලදි.

කොවිඩ්-19 වසංගතය සමස්ත ජනග්‍රහනය පුරා පැතිර ගිය, පසු කම්කරු පන්ති ව්‍යාපාර නිසා බියට පත්, යුරෝපා ආන්ඩු වහාම තම ක්‍රියාමාර්ග වෙනස් කරමින් අගුලු දැමීම කරා ගියේය. මෙම අත්දැකීමේ දේශපාලන පාඩම් උකහා ගැනීම ඉතා අවශ්‍ය වේ. කම්කරු පන්තිය විද්‍යාත්මක පදනමක් මත වූ ප්‍රතිපත්තියක් සඳහා තම හැකියාව ප්‍රදර්ශනය කලත් එය ස්වයංසිද්ධ ව්‍යාපාරයකි. වර්ජන අවසන් වූ වහාම මූලික අගුලුලෑම කල නමුත් තවමත් රාජ්‍ය බලය, බැංකු හා කර්මාන්ත පාලනය ඇත්තේ මූල්‍ය ප්‍රභූවේ හා වෘත්තිය සමිති නිලධාරිවාදය අතේය. යුරෝපයේ සමස්ත ජනතාව මෙහි වන්දිය ගෙවමින් සිටින්නේ ය.

ලොව ප්‍රධාන ධනේශ්වර රටවල් අතර වෙලෙඳ පොළ අරඹයා වැඩෙන ගෝලීය පොරය නිවසේ රැඳී සිටිමේ ප්‍රතිපත්තියට ඉඩ නොදෙන අතර මහා පරිමාන මරන ඉල්ලා සිටියි. යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් අධ්‍යයනය කරමින් සිටින කර්මාන්ත ශාලා යලි රට තුලට ගෙන්වීම, ප්‍රධාන නව තාක්ෂනයන් පාලනය, සැපයුම් මාර්ග විවිධාංගීකරනය කිරීම ආදිය දැන් පරම ප්‍රමුඛතාවයේ තිබේ. මෙම හේතුව නිසාම ට්‍රම්ප් ආන්ඩුව චීනයේ නැගීම වැලැක්වීම සඳහා සිය රටේ ජනගහනයෙන් කොටසකගේ ජීවිත බිලි දෙමින් පලමුව ව්‍යාපාර යන දරුනු තෝරාගැනීම කරමින් සිටියි. යුරෝපියානු ධනවාදී රාමුව තුල මෙම ගෝලීය වසංගතය නතර කිරීම හා විද්‍යාත්මකව නිවසේ රැඳී සිටීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම කිසිදු ලෙසකින් කල නොහැක්කක් බව ඔප්පු වී ඇත. මේ සඳහා ධනවාදයට එරෙහිව සමාජවාදී ප්‍රතිපත්ති මත පිහිටුවා ගත්, යුරෝපය පුරා කම්කරු පන්තියේ දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් අශ්‍යව ඇත.

ලක්ෂාන් ප්‍රනාන්දු

Social Sharing
නවතම විශේෂාංග