ලොව පුරා කොරෝනා රෝගීන් කෝටි 4 ඉක්මවයි.!

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 217 තුළින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි හතරේ සීමාව අද (18) ඉක්මවීය. මින් කොටි 3කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සම්පුර්ණයෙන් සුවය ලබා ඇති අතර, කෝටියකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් තවමත් ප්‍රථිකාර ලබමින් සිටී. ඒම සංඛ්‍යාවෙන් 72,000 ට වැඩි පිරිසක් අවධානම් තත්ත්වයේ පසුවන බව ද වාර්තා වේ. ඒමෙන්ම, මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 11 දක්වා ඉහල ගොස් තිබේ.

ඉහත මරණ සංඛ්‍යාවෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාව, ඉන්දියාව හා බ්‍රසීලය යන රටවල් තුනෙනි. ඇමරිකාවෙන් කෝවිඩ් මරණ 224,296 ක් වාර්තා වන විට බ්‍රසීලයෙන් මරණ 153,690ක් වාර්තා වේ.

කෝවිඩ් මර්ධනය කිරීම සම්බන්ධව ප්‍රසංශාවට ලක්වෙමින් සිටි ලංකාව ද මේ වන විට කෝවිඩ් රෝගීන් පන්දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සිද්ධියත් සමග පසුගිය දින කිහිපය තුළ පමණක් කොරෝනා රෝගීන් දෙදහසකට පිරිසක් වාර්තා තිබේ. ඊයේ සහ පෙරෙදා යන දින දෙක තුළ දී ද රෝගීන් සියය ඉක්මවා වාර්තා වී ඇති අතර,ඔවුන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකින් හමු වී තිබේ. ඒ අනුව, මේ වන විට කොරෝනා වෛරසය ශ්‍රී ලංකා සමජය තුළට පැතිරී ඇත්ද යන්න පිළිබදව සෞඛ්‍ය බලධාරීන් සැක පහල කරයි.

Social Sharing
නවතම