කරුණා අම්මාන්ට “රණවිරුගාය” යටපත් වුණාද?

තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී අලිමංකඩ යුධ හමුදා කඳවුරට සිදුකළ ප්‍රහාරයන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවටත් පහුගියදා  අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන  රැස්වීමකදි පුරසාරම් දෙඩුයේ  කරුණා අම්මාන්ය.

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කර්නල් කරුණා අම්මාන් ඒල්.ටී.ඊ.ඊ සංවිධානයේ සිටි ප්‍රබලතම සාමාජිකයෙකු බව සැම දෙනාම දන්නා කරුණකි. මෙරට බෞද්ධයින්ගේ මුදුන් මල් කඩ වූ මහනුවර ශ්‍රි දළඳා මාළිගාවට බෝම්බ ප්‍රහාරයක් ඒල්ල කිරීම,  බෞද්ධයින්ගේ හදවත් මොහොතකට නවතාලු ඒ් අරන්තලා භික්ෂු ඝාතනය, අලිමංකඩ ප්‍රහාරය ඇතුලු ත්‍රස්ත ප්‍රහාර රැසකට සම්බන්ධ වු කරුණා අම්මාන්ගේ පැටිකිරිය නොදන්නා කෙනෙක් නොමැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ රජයට ඒක් වු කරුණා අම්මාන් රජයේ වගකීම් දරන පුද්ගලයෙකු බවට පත් වුයේද මේ සියලු දෙනාගේ මඟ පෙන්වීමෙන් බව අපට අමතක නැත. රටේ සියලු දෙනාම කරුණා අම්මාන් රජයට ඒක්  කරගැනීම පිලිබඳ විරෝධය දක්වද්දි රාජපක්ෂවරුන් ඔහුගේ ආරක්ෂාවට සිටියහ.

නියෝජ්‍ය අමාත්‍ය ධුර පවා දරමින් සිටි කරුණා අම්මාන්ට දැන් ඒක්වරම ඔහු කළ හපන්කම් මතක් වෙන්නට පටන් ගෙන තිබේ. ඔහු ඒ්  හපන්කම් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ  ඒ් ගැන කිසිදු පසුතැවිල්ලක්ද නොමැතිවය.

කරුණා අම්මාන් මෙසේ හැසිරෙද්දි අපට සිහියට  නැගෙන්නේ ඒල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල කොටි සාමාජිකාවක් වු තමිලීනී ජෙයකුමාරන්ය. ඇය කොටි සංවිධානය හා ඒක්ව සිදු කළ දේවල් ගැන පසුව අනේක වාරයක් පසුතැවිලි විය. අවසානයේ ඇගේ හදවතේ නැඟි වේදනාව ඇය පොතක් බවට පත් කළාය.

තමිලීනි සමඟ කරුණා අම්මාන් නම් අසලකින්වත් තැබිය නොහැක්කේ කරුණා අම්මාන් තුල මේ ගතිගුණ  නොමැති නිසාය.

මේ අතර කරුණා අම්මාන් නැවත වරක් කට ඇරියේය. ඔහු කියා සිටියේ තමන් ආයුධ සන්නද්ධ අරගලය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ඇති බැවින් ඒල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි කාලයේදී සිදුකළ වැරදිවලට දැන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බවය.

ඒමෙන්ම ඔහුගේ මෙම ප්‍රකාශය සාධාරණීත්වය කරමින් නාමල් රාජපක්ෂ, ඒස්.බී. දිසානායක වැනි අයද විවිධ ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණි.

කරුනා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ මෙන්ම සමාජය තුලද දැඩි කතාබහක් නිර්මාණය වූ අතර ඔහුට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කළ යුතු බවද කියා සිටි අතර සංවිධාන කිහිපයක් විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබුණි.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින්ම පහුගියදා  ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා   විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරනු ලැබුයේ පෙරේදා (22) දිනය. ඔහුට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇතත් කරුණා අම්මාන් තවමත්  ඒහි ගොස් නැත. ඉන් ඔහු පෙන්නුම් කරන්නේ ඔහුට රටේ නීතියට ඔහු අවනත නොවන බවය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් වෙන පුද්ගලයෙක්ගේ සිද්ධියකදි නම්  මොන ජාතියෙන් හෝ ඔහුව අපරාධ පරික්සණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ගනියි. නමුත් කරුණා අම්මාන් ඉදිරියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැකිලෙන්නේද යන්න සැක මතු වෙමින් ඇත.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සමයේ ඒවකට හිටපු අමාත්‍යවරියක් වු විජයකලා  මහේෂවරන් ඒල්.ටී.ටී.ඊ ය යළි ගොඩනැඟිය යුතු බවට වක්‍රව කියා සිටීම නිසා ඒකල ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වරින් වර පෙනි සිටි අයුරු අපට මතකය. ඒසේ නම් ඒකල ඇයටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටිය හැකිව තිබුණි. නමුත් ඇය ඒසේ කළේ නැත. ඇය නීතියට අවනත වුවාය. ඒදා රටේ රණවිරු ගාය ගැන කථා කරපු අය අද කරුණා අම්මාන් ඉදිරියේ රණවිරු ගාය සුවපත් කර ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. ඒ් නිසා ඔහුගේ ප්‍රකාශය සාධරණය කරයි.

Social Sharing
නවතම