කටුනායක NEXT සේවකයින් 11 ට කොරෝනා. 1770 ක PCR ප්‍රතිඵල අද ලැබීමට නියමිතයි

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසනවා.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවය කළ සේවකයන් 119 දෙනෙකු තවදුරටත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කය තුල සිදු කළ පි.සී.ආර් පරික්ෂණ 1770 ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ 250 දෙනෙකු ඊයේ (10) වන විට පොලීසිය හා සෞඛ්‍ය බළධාරීන් වෙත ඉදිරිපත් නොවී සිටියද මේ වනවිට එම ප්‍රමාණය 119 ක් දක්වා අඩුකර ගැනීමට හැකි වී ඇති බවද ඒ් මහතා පවසයි.

ඒබැවින් මොවුන් සොයා  තවදුරටත් මෙහෙයුම් සිදු කිරීමට සිදුව තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

ඒමෙන්ම ගම්පහ දිස්‍රතික්කය තුල මේ වන විට පීසීආර් පරීක්ෂණ 5357 ක් සිදුකර ඇත. ඉන් 2593 ක් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබේ. වෛරසය ආසාදනය වූවන් 970 ක් හඳුනාගෙන තිබෙන අතර තවත් පරීක්ෂණ 1770 ක ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙන බවද ඔහු පවසයි. ඒ් අනුව ඉදිරියේදි ගම්පහින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇත.

 

Social Sharing
නවතම