එක්සත් ජනපදය කැළඹෙයි : ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට

මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත.

එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි ප්‍රාන්තයන්හි ජනාධීපතිවරණ දිනයේ ප්‍රකාශිත ඡන්ද අනුව ජනාධීපති ට්‍රම්ප් ඉදිරියෙන් බවට වාර්තා  ඉදිරිපත් වී ඇත.

මොකද්ද මේ මේල් බැලට්

මෙවර ලොව පුරාම පැතිරුණු කොවිඩ් වසංගත තත්වයේ බලපෑම එක්සත් ජනපදයට දැඩිව දැනුණු අතර ඒ හේතුවෙන් එක්සත් ජනපද මැතිවරණ මෙහෙයවන පාලනාධීකාරිය විසින් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මහජනයාට විශේෂ ලෙස ලබා දී තිබුණි. ඉහත කී ප්‍රාන්තයන්ගේ  එකී ඡන්ද මිලියන ගණනක් මේ වන තෙක් ගණන් කිරීම සඳහා ලැබී නොමැත. බොහෝ විචාරකයන්ගේ අදහස වන්නේ මෙම තැපැල් ඡන්දවල වැඩි වාසිය ඇත්තේ ජෝ බයිඩන්ට බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වූයේ මැතිවරණ සටනේ බයිඩන් ඉතා ඉහළ ස්ථානයක සිටි අවදියක වීමයි. ලැබී ඇති තැපැල් ඡන්ද වලද බයිඩන් ඉදිරියෙන් සිට ඇත

ජනපති ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධීකරණයට

ජනාධීපතිවරයා මීට සුළු වේලාවකට ප්‍රථම එනම් එක්සත් ජනපද වේලාවෙන් පාන්දර 2.15 ට පමණ ජාතිය අමතා ප්‍රකාශ කලේ තමන් මෙම මැතිවරණය ජයග්‍රහණය කර ඇති බවයි. විශේෂයෙන් ඉහත කී ප්‍රාන්තයන්හි ප්‍රථිපල නිකුත් වීමටත් පෙර තමන් දැනටමත් ජය ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදී. එමෙන්ම විශේෂයෙන් ඔහු සඳහන් කලේ තමන් ඡන්ද ගණන් කිරීම නැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි. ජනාධිපතිවරයා ‍ෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව කීවද ඒ කුමක් සඳහාද යන්න අපැහැදිලි බව සීඑන්එන් වාර්තා කරන ලදී. විශේෂයෙන් එක්සත් ජනපදය ලැජ්ජාවට පත්වන ඡන්ද දූෂණයක් සිදු වන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කලද ඒ සඳහා කිසිදු පදනමක් ඔහු ප්‍රකාශ  නොකරන ලදී.

ඇමරිකානුවන් මිලියන ගණනකගේ ඡන්ද මෙවර තැපැල් මගින් ප්‍රකාශ කර ඇති අතර ඒවා අනිවාර්යයෙන්ම ගණන් කල යුතු බවයි දෙශපාලන විචාරකයන්ගේ අදහස. එමෙන්ම මැතිවරණ ප්‍රථිඵල නිකුත් වීමට පෙර කරට කර සටනක් පවතින අවස්ථාවක ඉහත කී ප්‍රධාන ප්‍රාන්තයන් තමන් ජයගෙන ඇති බව ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනාධීපතිවරයකුට තරමු නෙවන දෙයක් බව  ජාත්දේ‍යන්ශතර ප්‍රවෘත්ති නාලිකාවන්හි සජීව විකාහයන්හි සිටි දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන ලදී. විශේෂයෙන් කිසිදු පදනමක් නොමැති ඡන්ද දූෂණ චෝදනා පිළිබඳ දැඩි විවේචනයක් මේ වන විට දේශපාලන විචාරකයන්ගෙන් ට්‍රම්ප් වෙත එල්ල වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතීමට පෙර ජෝ බයිඩන් සිය ආධාරකරුවන් අමතා ප්‍රකාශ කලේ අන්තිම ඡන්දය ගණන් කරන තුරු ඉවසීමෙන් අප සිටිය යුතු බවත් මෙම ජනාධීපතිවරණය අප ජයග්‍රහණය කරන බවත්ය. දේශපාලන විචාරකයන්ට අනුව බයිඩන් මෙසේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට පෙර ප්‍රකාශයක් නිකුත් කලේ ට්‍රම්ප් ජනාධීපතිවරය සිය ජයග්‍රහණය ඉක්මනින් පෙර කී පරිදි සිදු කරනු ඇතැයි යන සැකය නිසා බවයි දේශපාලන විචාරකයන්ගේ අදහස වූයේ.

මේ වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති අතර බොහො දුරට තැපැල් ඡන්ද ගණන් කර අවසන් ප්‍රථිඵලය ලබා ගැනීමට තවත් දින කිහිපයක් යාමටද ඉඩ ඇත.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම විදෙස්