ඇමරිකාවෙන් ගත්තේ ණයක් නෙවෙයි! – මහ බැංකුව කියයි

රට ඇත්තේ පියවා ගත හැකි නොහැකි ණය කන්දරාවක බව මේ රටේ සැවෝම දන්නා කරුණකි. ඒ නිසාම එය මේ වන විට දේශපාලන වේදිකාවල රසවත් මාතෘකා බවටද පත්ව ඇති අයුරු දැක ගත හැකිය. ඇතමෙකු මෙය විහිලුවට, උපහාසයට ලක් කරද්දී තවකෙකු එය ගැඹුරින් විග්‍රහ කරනු දැකිය හැකිය.

ණය ගැන කථා කරද්දී පහුගිය කාලයේ ඇසුනු කථාවක් වුයේ රජය අලුතින් මුදල් අච්චු ගැසු බවය. එහෙත් දැන් ඒ කථා යටපත් වී ගොස් අලුත් කථාවක් නැවත කරළියට පැමිණ තිබේ. ඒ රජය ඇමරිකානු බැංකුවෙන් බිලියනක ණයක් ගත් බවය.

සැබවින්ම අප තවත් රට රට  වලින් ණය අරන් ණය කන්දරාව ගොඩ ගසාගන්නවාද, නැද්ද දන්නේ රජයේ ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ය. නමුත් මහ බැංකුව නම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටින්නේ වෙනත් මතයකි.

ඇමරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ විදේශීය සහ අන්තර්ජාතික මුල්‍ය අධිකාරීන් සඳහා එක්දින ප්‍රති මිලදී ගැනිම් පහසු ගිවිසුමකි.

අවශ්‍ය අවස්ථා වලදී ඇමරිකානු ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ තාවකාලික ගිවිසුමක් ලෙස මෙම ගිවිසුමට එළැඹි බව මහ බැංකුව සඳහන් කර සිටියි.

මෙහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් බිලියනක් දක්වා අරමුදල් සපයා ගැනීමට මෙම ගිවිසුමෙන් හැකියාව ඇත.

0.35 වාර්ෂික ගාස්තුවක් පමණක් ගෙවීමට සිදුවන බවද සඳහන් කරන මහ බැංකුව කියා සිටින්නේ මෙය ණය ගැනීමක් නොවන බවය.

– ශානිකා –

Social Sharing
නවතම