ආණ්ඩුවේ පදේට හැමෝම තානම අල්ලන්නේ නැහැ! – ජාතික භික්ෂු පෙරමුණ

මේ ආණුඩව, ආණුඩුවාදීන්, 20 ට ආවඩන හැමෝම සිතා හිටියේ ඔවුන්ගේ පදේට මේ රටේ සියලු දෙනාම තානම අල්ලනු ඇති බවත් නමුත් ය එසේ නොවන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පවසයි.

උන් වහන්සේ මේ බව පැවසුයේ ඊයේ (14) දින තංගල්ලේදි මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ උන්වඑහන්සේ මෙසේද පැවසුවේය.

“කොවිඩ් ව්‍යවසනය සමාජයේ පැතිර යමින් තිබෙන අවස්ථාවේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය  නැමැති ව්‍යසනයකුත් මේ අවස්ථාවේ සමාජයට කඩාපාත් වී තිබෙනවා.  මේ දිනවල කොවිඩ් රැල්ල සමඟ උඩ යට යමින් කරළියේ තිබෙන්නේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත්  ඊට හේතු වුයේ ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් මේ අත්‍යවශ්‍ය මොහොතේ වැදගත් ප්‍රකාශයක් සමාජගත කීරිමයි.

මේ ප්‍රකාශයත් සමඟ දැඩි ආන්දෝලනයක් සමාජයේ මතුව තිබෙනවා. ඒ වගේම මේ නිසා දැන් ආණ්ඩුවත් කලබල වෙලා.  මේ ප්‍රකාශ නිකුත් කරපු හාමුදුරුවන්ගේ විහාරස්ථාන අද උදේ දවල් ආණ්ඩුවේ විවිධ නියෝජිතයින්ගෙන් පිරිලා. ඇතැම් පුද්ගලයින් අද උන් වහන්සේලාට බලපෑම් කරනවා. තවත් පිරිසක් ගැටුම් ඇති කළ හැකි පිරිස්, ආගමික නායකයින් සොය සොයා පඩුරු අරන් ඇවිදිනවා. මේ තත්ත්වය හරියට තේරුම් නොගත් අපේ ඇතැම් හාමුදුරුවරුත් තමන් ළඟට එන කෙනාට මොනවා හෝ කියන තත්ත්වයකුත් අපි දකිනවා. ඒ් නිසා අපිට පේනවා සැලකිය යුතු කලබගෑනියක් මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කර තබාගෙන බලහත්කාරයෙන් මේක ගෙන්න යන කණ්ඩායම් තුල නිර්මාණය වෙලා තියෙනවා.

මේ ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාග්‍රී මහා සංඝසභාව නිකුත් කළ නිවේදනයට සමගාමීව කතෝලික රදගුරු සම්මේලනයත් ඉතා වැදගත් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා.  ඉන් කියවුණෙත් මේ 20 වෙනි සංශෝධනය නොගත යුතු එකක් කියලා.  මේ සියලු දෙනාම අවශ්‍ය තැනදී කිසිවෙකුටවත් ගැති නොවී අවශ්‍ය තීරණ අරන් තියෙනවා.

මේ ගෙන්න හදන ඒකාධිපති බලවියරුවට විරුද්ධව අද පාර්ලිමේන්තුවේ සිටින තමන්ගේ හෘද සාක්ෂිය කම්පනය වුණු පුද්ගලයින් පිරිසක්ද අද මේ 20 ට විරුද්ධව සංවිධානය වෙමින් සිටිනවා. එය ඉතාම යහපත් ලකුණක්.

හැට නවලක්ෂයක් ජනතාව දුන් දේද අද මේ ඉෂ්ඨ වෙන්නේ කියා කල්පනා කර බලන්න . වෙන්නේ නැත්තනම් ඒ මොහොතේම අනෙක් පැත්ත හැරෙන්න ඕනේ.. ඒ කශේරුකාව තමන් තියා ගන්න ඕනේ. තමන් සිට ගත යුත්තේ මාතෘ භූමිය මත මිසක් දේශපාලන පක්ෂ මත නෙමේ.”

 

චන්ද්‍රසේන‍ ගමගේ / ශානිකා

Social Sharing
නවතම