අල්ලස් කොමිසමේ නිලධාරී හිඟයක්.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙරට අල්ලස, දූෂණය තුරන් කිරීමට විශේෂ විමර්ශකයින්ගේ හිඟයක් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 වුවද අල්ලස හා දුෂණය තුරන් කිරීමට අදාල විමර්ශන සිදු කරනු ලබන්නේ විමර්ශකයින් 160 කු පමණක් බවත් ඔවුන්ට විමර්ශනය කිරීම සඳහා ගොනු 3500 කට අධික ප්‍රමාණයක් පවතින බවත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි.

බොහෝ අංශ වල නිලධාරීන් 15-20 ත් අතර නිලධාරීන් ප්‍රමාණයක් සිටින අතර සාමාන්‍යයෙන් ඔවුන්ට විමර්ශන 500 ක් පමණ කිරීමට සිදු කිරීමට වේ.  මෙය සංසන්දනාත්මකව බලන කල මිලියන 06 ක ජනගහනයක් සිටින හොංකොං දේශයේ දුෂණයට එරෙහි කොමිෂන් සභාවේ විශේෂඥ විමර්ශකයින් 1000 ක් සිටින හෙයින් එහි ඵලදායි බව ඇති බවත් මෙයින් පෙනී යන්නේ පැහැදිලවම මෙරට විශේෂ විමර්ශකයින්ගේ හිඟයක් ඇති බවද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි.

  • ශානිකා
Social Sharing
නවතම