යුරෝපා සංගමයේ තීරණයට WHO කනස්සල්ල

යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් විසින් සොයාගෙන ඇති කොවිඩ්-19 මර්ධන ඒන්නත ලොව පුරා බෙදා හැරීම පාලනය කිරීම සදහා යුරෝපා සංගමය ගෙන ඇති තීරණය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය තම කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තවෙමින් පවතින වර්තමානයේ යුරෝපය විසින් සොයාගත් එන්නත් අපනයනය පාලනය කළ යුතු බවට පසුගිය දා යුරෝපා සංගමය විසින් තීරණය කර තිබුණි.

මේ සම්බන්ධව අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප ප්‍රධානී මාරියෙන්ජලා සීමාවෝ පෙන්වා දෙන්නේ අදාළ තීරණය නිසා කොවිඩ් ගෝලීය වසංගතය තවදුරටත් ව්‍යාප්තවී ව්‍යසනකාරි තත්ත්වයක් මතුවිමට මෙම තීරණය හේතුවන බවයි.

Social Sharing
විදෙස්