බ්‍රැන්ඩික්ස් අභියෝගය හා අනාගත ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ග ලෙස සලකන විදෙස්ගත ශ්‍රමිකයින්, ඇගලුම් කර්මාන්තය හා සංචාරක කර්මාන්තය යන කර්මාන්ත කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට බරපතල කඩා වැටීමකට ලක්ව තිබේ.

මාස දෙකකට වැඩි කාලයක් තුළ කිසිදු කොරෝනා රෝගියෙක් සමාජය තුළින් මුණ නොගැසීම මත රජයත් ජන සමාජයත් කොවිඩ් වසංගතය පිළිබදව පැවති අවධානය ක්‍රමයෙන් බැහැර කරමින් තම ඒදිනෙදා කටයුතු කරගෙන යනු ලැබීය. කොවිඩ් 19 හේතුවෙන් කර්මාන්ත ශාලා වසා දැමීම‌ ඇතුලු බරපතල ප්‍රශ්ණ ගනනාවකට මුහුණ දී සිටි ඇගලුම් ක්ෂෙත්‍රයේ සමහර කර්මාන්ත ආයතන ද සුපුරුදු ලෙස තම කටයුතු ක්‍රමයෙන් ආරම්භ කරනු ලැබීය.

මෙම බොහෝ කර්මාන්ත කරුවන් තම කර්මාන්ත ආරම්භ කරන විට කෝවිඩ් 19 න් ආරක්ෂා වීම සදහා සෞඛ්‍ය අංශයන් විසින් ඉදිරිපත් කළ නිර්දේශයන් සම්බන්ධ ඒතරම් සැලකිල්ලක් දක්වා නැත. .

ඒ බව තහවුරු වුයේ වැලිසර නාවික හමුදා කදවුරෙන් පසුව හසු වූ විශාලතම කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනයෙන් සොයා ගැනීමත් සමගය. අද වන විට ඒම කාර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටි සේවක සේවිකාවන්ගෙන් 75% වැඩි පිරිසකට කොරෝනා වෛරසය වැලදී ඇති බව වාර්තා වේ. මෙතරම් පිරිසකට මෙම වෛරසය විශාල වශයෙන් පැතිරෙන තෙක්  කිසිදු පියවරක් ගැනීමට ආදල ආයතන කළමණාකාරීත්වය අපොහාසත් වී ඇත.

ඒමෙන්ම, මෙම වෛරසය මෙම කර්මාන්ත ශාලව වෙත පැමිණි ආකාරය සම්බන්ධව මූලාශ්‍රයන් සොයා ගැනීමට තවමත් නොහැකි වී ඇති අතර, මෙම කාර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු අයගේ ආශ්‍රිතයින් හරහා මුලු ලංකාවටම මෙම වෛරසය ව්‍යාප්ත වීමත් සමගම මින් පෙර පැවැති තත්ත්වයට වඩා බැරෑරැම්  අවධානමකට මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව තිබේ. ආණ්ඩුව ප්‍රකාශ කරන පරිදි මේ වන විටත් දිවයිනේ දිස්ත්‍රික්ක 17ක මෙම වෛරසය පැතිරී තිබේ.

මේ අතර මැද පෙරදිග සේවය සදහා ගොස් සිටින අප ශ්‍රී ලංකිකයන් මේ වන විට විශාල අනතුරකට පත්වී සිටී. ඔවුන්ට අවශ්‍ය ආහාර, නවාතැන් හා සෞඛ්‍ය පහසුකම් ඇතුළු මූලික පහසුකම් හෝ සපයා ගැනීමට නොහැකිව ඔවුන්ව ඉතා අසරණව ඇති බව ඔවුන් වරින්වර සමාජ මාධ්‍ය වෙත මුදාහරින තොරතුරැ මගින් තහවුරැ වේ. මේ  අතර මාර්තු සිට මේ දක්වා කොරෝනා වෛරසය වැලදී ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් 63 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යඅංශය පවසයි. ඔවුන්ගේ දේහයන් ලංකාව වෙත ගෙන්වා ගැනීම මේ මොහොතේ සිහිනයක් පමණක් වී තිබේ. මැද පෙරදිග සේවයේ නියුතු මෙම පිරිස් ලංකාවට ගෙන්වා ගැනීම ඉතා මන්දගාමීව සිදු වුවත් මේ වන විට අය තවත් අර්ඹුදයට ලක්ව තිබේ.

ලංකාව ජීවත් කරවීමට අවශ්‍ය ප්‍රග්ධනය සපයා දෙන ඇගලුම් කාර්මාන්තය හා මැදපෙරදිග ගෘහ සේවය සදහා මැදිහත්ව සිටින අප ග්‍රාමීය කාන්තා ශ්‍රම බලකාය මෙවැනි තත්ත්වයක දී ආරක්ෂා කරගැනීමට නොහැකි වීම පිළිබදව අප සියලුම දෙනා ලැජ්ජා විය යුතු යුතුය.

 

 

Social Sharing
නවතම විශේෂාංග