බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා..!

බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට ‌සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක් නොගෙන දිගටම කටයුතු කළාය.

මෙම වෛරසයෙන් වැලකී සිටීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දුන් නිර්දේශ හා නිර්ණායකයන්  ඇමරිකානු ජනාධිපතිවරයා මෙන්ම, බ්‍රසීල ජනාධිපතිවරයා ද ඒතරම් මායිම් නොකලාය. ඒමෙන්ම, ඇමරිකානු ජනාධිපතිවරයා මෙන්, ඔහුද බොහෝ ප්‍රසිද්ධ කටයුතු වලදී පවා මුඛ ආවරණ නොපැලදීය. වරෙක ඒරට අධිකරණයක් විසින් ඔහුට මුඛ ආවරණ පලදින ලෙස ද නිර්දේශ කරනු ලැබීය.

ඒ් කෙසේ වුවත්, අද වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන දෙවැනි රට බවට බ්‍රසීලය පත්ව තිබේ. ඒම ප්‍රමාණය 1,674,655 කි. පලමු ස්ථානයට පත්ව සිටින්නේ ඇමරිකා ඒක්සත් ජනපදය වන අතර ඒහි රෝගීන් සංඛ්‍යා්ව 3,097,084 ක් බව වාර්තා වේ. මේ අතර ඊයේ දිනයේ පමණක් බ්‍රසීලයෙන් අලුත් රෝගීන් 48,584 ක් වාර්තා වූ අතර, ඒම සංඛ්‍යාවට ඒරට ජනාධිපතිවරයාද ඇතුලත් වී සිටීම විශේෂත්වයක් විය. ඒමෙන්ම දිනක දී ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණය ඊයේ ඇමරිකාවෙන් වාර්තා වූ අතර ඒම ප්‍රමාණය 55,442 ක් විය.

 

Social Sharing
නවතම විදෙස්