ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව  වාර්තා වී ඇති සමස්ත  ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව  දහස ඉක්මවා ගොස් ඇති අතර  ඉන්  හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව  අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ.

ප්‍රචණ්ඩ ක්‍රියා අතුරින් දෙවැනි ස්ථානය ගන්නා සමගි  ජනබලවේගයට වඩා තුන් ගුණයකටත් වැඩි ප්‍රමාණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරතව තිබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV) වාර්තා කරයි.

පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට  අගෝස්තු 1 සෙනසුරාදා  දක්වා ගත වු මාස පහක කාලයේදී     රට තුල වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 1006 කි. එයින් 547 ක්ම සම්බන්ධයෙන් පොහොට්ටුවට විරුද්ධව පැමිණිලි ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා 173  ක් සම්බන්ධයෙන් චෝදනා ලබමින් දෙවැනි තැනට පැමිණ ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි.

ප්‍රචණ්ඩතාවෙන් තුන්වැනි තැන හිමිකර ගන්නේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය යි.

ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!

ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!

TNA සහ NPP

උතුරු නැගෙනහිර පමණක් තරග වදින ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්‍රචණ්ඩ ක්‍රියා 32 ක් ගැන චෝදනා ලබමින් සිව්වැනි තැනත් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය මැරකම් 29  ක් පිළිබඳ චෝදනා ලබා පස්වැනි තැනටත් පැමිණ සිටී.

පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා 14 ක්ද   තමන්ට වාර්තා වී ඇති බව CMEV පවසයි.

ඡන්දය හා සම්බන්ධයෙන් වාර්තා වී ඇති සමස්ථ  ප්‍රචණ්ඩ ක්‍රියා එක්දහස්  හය  තුළ පහරදීම් 24ක්, තර්ජන 15 ක් හා වෛරී ප්‍රකාශ 9 ක් ඇතුලත් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරයි.

පැමිණිලි කරන්න

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පහත විස්තර ප්‍රයෝජනයට ගන්නා මෙන් CMEV සම්බන්ධීකාරක මංජුල ගජනායක  ඉල්ලා සිටී.

160, පූර්වාරාම පාර, කිරුලපොන කොළඹ 5

දුරකතනය: 011 2826384, 011 2826388

ෆැක්ස්: 011 2826146

ඊමේල්: [email protected]

මේ අතර, මෙවර මහ මැතිවරණය ආශ්‍රිතව රාජ්‍ය නිලධාරීන් විසින් කරනු ලබන උල්ලංඝන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දවසේ ඕනෑම වෙලාවක දුරකතන අංක 1996 ඇමතිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

අලුතින් පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයේ එම අංකය ඇමතීමට අමතරව  අංක 14 ආර්. ඒ ද මැල් මාවත, කොළඹ 4 ලිපිනයට, ෆැක්ස් අංක  011- 2505574ට හෝ [email protected] ඊමේල් යොමුවට මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකය භාර නිලධාරියාට ලියා දන්වා එවන පැමිණිලි භාරගන්නා බව කොමිසමේ ලේකම් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Social Sharing
නවතම