ටෙස්ට් නොකර කොරෝනා පාලනය කිරීම

මුලු ලෝකයම මේ වන විට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් දැඩිව පීඩා විදිමින් සිටී. අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 38,361,293 වාර්තා වී ඇති අතර ඉන් මිලියනයටකට වැඩි පිරිසක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ. දැනටමත් ලක්ෂ තුනක ආසන්න රෝගීන් ප්‍රමාණයක් දිනකට වාර්තා වන අතර, ඉන්  පන්දහසකට ආසන්න පිරිසක් දිනකට මිය යමින් සිටී.

මාස අටකට වැඩි කාලයක් තිස්සේ ලෝකය පුරා පැතිර යන ඇති මෙම වසංගතට ලෝකයේ බලවතුන් ලෙස සැලකූ කිසිම රාජ්‍යයකට මේ සදහා ප්‍රථිකාරයක් සොය ගැනීමට නොහැකි වී තිබේ.  ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නෙ දැනටමත්, ලෝක ජනග්‍රහණයෙන් සෑම දහ දෙනෙකුගෙන් කෙනෙකුට මෙම වෛරසය වැලදී ඇති බවට සැක කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන දිගින් දිගටම පවසන්නේ මෙම රෝගය පාලනය කිරීම සදහා දැනට රෝගය වැලදී ඇති පිරිස් හදුනාගෙන ඔවුන් සමාජයෙන් ඈත්කර තැබීම සදහා කටයුතු කරන ලෙසයි. ඒ සදහා රෝගීන් හදුනා ගැනීමට  නිරන්තරයෙන් පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙසයි.

එම උපදෙස් අනුව දැනට ලෝකයේ වැඩිම PCR පරීක්ෂණ සිදු කරනු ලබන රට ලෙස වාර්තා වන්නේ ඒංගලන්තයයි. ඔවුන් මිනිසුන් දසලක්ෂයකට පරීක්ෂන හාරලක්ෂය වැඩි ප්‍රමාණයක් (412,659) සිදු කර තිබේ. දෙවැනි ස්ථානයට පසුවන්නේ ඇමරිකාවයි. ඔවුන් දසලක්ෂයකට ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබේ. මේ හේතුව නිසාම ඒම රටවලින් විශාල රෝගීන් ප්‍රමාණයක් නිරාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

PCR පරීක්ෂණය සිදු කිරීම දුර්වල මට්ටමක පවතින රටක් ලෙස සැලකෙන අප රට තුළ දැනට සම්පුර්ණ සිදු කර ඇති පරීක්ෂණ ප්‍රමාණය 342,343 බව වාර්තා වේ. ඒම ප්‍රමාණය ජනග්‍රහණයෙන් දසලක්ෂයකට 15,968කි. මීට වඩා වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් නේපාලය, රැවන්ඩාව වැනි රටවල් සිදු කරමින් සිටී.

අප රටත් පසුගියදා කොරෝනා රෝගීන් 5000 සීමාව ඉක්මවු අතර, ඊයේ දිනයේ පමණක් රෝගීන් 194 දෙනෙකු සොයා ගෙන තිබේ. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රොගීන් 160 දෙනෙකු සොයා ගැනීම නිසා තත්ත්වය තවත් බරපතල වනු ඇතැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

Social Sharing
නවතම