කොරෝනා අස්සේ අමාත්‍ය නාමල්ගේ ගෝලයින් නිදන් සොයන්න ගොස් මාට්ටු

කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව කතරගම රන්මිණිතැන්න මාතකඩආර රක්ෂිතයේ සිදුකළ වැටලීමකින් අනතුරුව නිදන් සොයමින් සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයෙක් ඇතුලු  පුද්ගලයින්  07 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (14 ) දින සිදු කළ මෙම වැටලීමෙන් අනතුරුව සැක කරුවන් පැමිණි අංක WP  CAW 8967 දරන ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක්ද භූමිය පරීක්ෂා කරනු ලබන නවීන ස්කෑන් යන්ත්‍රයක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අමාත්‍ය නාමල්ගේ ගෝලයින් නිදන් සොයන්න ගොස් මාට්ටු                                                                       අමාත්‍ය නාමල්ගේ ගෝලයින් නිදන් සොයන්න ගොස් මාට්ටු

මාතකඩආර රක්ෂිතයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවට පත් වූවන් අතර  තංගල්ල පල්ලික්කුඩාවේ පදිංචි චන්දන වික්‍රමසූරිය, නාවල කොස්වත්තේ පදිංචි දොඩම්පෙ ගමගේ නිලුපුල්, මරදානේ පදිංචි නුවන් ප්‍රිය දර්ශන, නාත්තන්ඩියේ පදිංචි තිසරු රමේස් ගුරුගොල්ල හා සීදුවේ පදිංචි ගජසිංහ ආරච්චිගේ චතුරංග යන අය වෙති.

අත් අඩංගුවට පත් තංගල්ල පල්ලික් කුඩාවේ පදිංචි චන්දන වික්‍රමසූරිය අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රබල දේශපාලන ආධාර කරුවෙකි. අත් අඩංගුවට පත් WP CAW 8967 දරණ ජීප් රථය ආරක්ෂක අංශ භාවිතා කරන ජීප් රථයකට සමීප රථයකි.

අත් අඩංගුවට පත් සැක කරුවන් හා ජීප් රථයද ස්කෑන් යන්ත්‍රයද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තිස්සමහාරාම පොලීසියට බාර දී තිබුණි. අනවසරයෙන් මාතකඩආර රක්ෂිත භූමියට ඇතුළත්ව අධි තාක්ෂනික ස්කෑන් යන්ත්‍රයක් මගින් භූමිය පරීක්ෂා කොට භූමියේ සම්පත් ලභා ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැක කරුවන්ට චෝදනා නගා තිබු නමුත් තිස්සමහාරාම පොලීසිය විසින් සැකකරුවන්ට නඟා තිබූ චෝදනාව වන්නේ අනවසරයෙන් රක්ෂිත භූමියකට ඇතුළත් වීම යන චෝදනාව පමණක් බවට තොරතුරු අනාවරනය වෙයි. මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා මේ වන විට පොලිසිය දැඩි උත්සහයක නිරත වන බවද වාර්තා වේ.

සැක කරුවන් 15 දින තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා විසින් එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා මුදලින් රුපියල් 5000 ක ඇපයක් මත සැක කරුවන්  මුදා හැර තිබේ. සැක කරුවන්ට ලබන වසරේ ජනවාරි මස 07 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත් වරයා නියෝග කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම අත් අඩංගුවට පත් ජීප් රථය මුදා හැර ඇති බවද ස්කෑන් යන්ත්‍රය අධිකරණයේ බාරයට ගෙන ඇති බවද පොලිස් තොරතුරු වලින් අනාවරණය වෙයි.

Social Sharing
නවතම