කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට අධික කාලයක් ඇණ හිට තීබු කාර්යාලීය දුම්රිය සේවා අද (08) දින ආරම්භ කෙරුණේ කොවිඩ් 19 ව්‍යාප්තියේ අවදානම පසු බසිමින් තිබියදීය.

සුපුරුදු ලෙසම කාර්යාලීය දුම්රිය රැසක් ධාවනයට එක් කර තීබූ අතර ඒ සඳහා සැලකිය යුතු මඟීන් පිරිසක්ද සිටිනු දක්නට ලැබුණි.

නමුත් කණගාටුවට කරුණ වන්නේ මාස දෙකක් නිවසට වී හුදකලා වී සිට නැවත සමාජයට පැමිණි විගස අප වටා ඇති අනතුරු පිලිබඳ අමතක කිරීමය.

අද දුම්රිය ස්ථාන වලට පැමිණීමට පෙර දෑත් සේදුවේ නැත. දුම්රිය වේදිකාවට ඇතුල් වන විට පමණක් උෂ්ණත්වය මැන බැලුනි. දුම්රිය වේදිකාවේ මීටරයේ දුරින් සිටගෙන සිටියේ නැත. දුම්රියේද ආසන ගණනටත් වඩා මඟීන් ගමන් කළහ. කුඩා ඉඩක් පවා දුටු විට ඒ අස්සේ ගොස් අසුන් ගන්නා පිරිස් තවමත් අප අතර ඇත්තේය. දුම්රියේ සිටගෙන යන විට මීටරයේ දුරින් සිමටීට නොහැකි වන්නේ මැදිරියට වඩා මඟින් ගොඩවෙන බැවිනි.

මේ අතර සාමාන්‍ය පරිදි අද සිට ආරම්භ වු බස් සේවාවද එලෙසමය. ඇතැම් බස් රථ වල පමණක් සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක වූවද බොහෝ බස් රථ එලෙස ක්‍රියා කරනු දක්නට ලැබුණේ නැත.

බොහෝ තැන් වල ඇත්තේද දෑත් සෝදා ගැනීමට ජලය පමණි. විෂබීජනාශක නම් දක්නටවත් නැත.

සෞඛ්‍ය අංශ කොවිඩ් 19 පාලනය වෙනුවෙන් විවිධ මාර්ගෝපදේශ ගෙන හැර දුන්නත්, විවිධ පුද්ගලයින්, කාර්ය සාධන පත් කළත් මෙලෙස රට විවෘත වීම හමුවේ කොවිඩ් 19 දෙවැනි රැල්ලක් පැමිණියහොත් එය බොහෝ දෙනෙකු ගොදුරු කර ගන්නා බව නම් නොඅනුමානය.

-ශානිකා-

Social Sharing
නවතම