එජාපයට වුන දේ වැඩිකල් නොගොස් අපටත් සිදුවේවි – අමාත්‍ය විදුර වික්‍රමනායක

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතා සොයන්න දාපු පොලිස් කණ්ඩායම් 06 හොයන්න තවත් පොලිස් කණ්ඩායමක් දාන්න වෙන බවත් මේවා නරිනාටක බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

කාලයක් රවී කරුණායකවත් සෙවු බවත් තවත් කාලයක රාජිත සේනාරත්නව සෙවූ බවත් දැන් සොයන්නේ මොවුන්ව බවද ඔහු කියා සිටියි.

මේ විහිලු සපයන්නේ කාටද? යැයි ප්‍රශ්න කර සිටින ඒ් මහතා කියා සිටින්නේ මිනිස්සු මේවා විහිලු හැටියට ගණන් නොගන්නා බවත් මේවා දිගින් දිගටම සිදුවුවහොත් ඊළඟ මැතිවරණයේදි තීන්දුව ලෙස දැඩි තීන්දුවක් දෙනු ඇති බවය.

එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වු දේ අපට වීමට වැඩි කලක් යනු නොයනු ඇතැයිද විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියි.

 

Social Sharing
නවතම