ඉන්දියාව දෙවැනි ස්ථානයට

කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලොව දෙවැනි රට ලෙස ඉන්දියාව අද දින පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් ඒම ස්ථානයේ පසුවූයේ බ්‍රසීලය වන අතර, ඊයේ (5) වන විට බ්‍රසීලයෙන් සොයාගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,123,000ක් ලෙස වාර්තා විය. ඉන්දියාව තුළ ඊයේ වාර්තා වූ තිබුනේ රෝගීන් 4,113,811 පමණි. ඒ අනුව බ්‍රසීලය ඉන්දියාට වඩා රෝගීන් දසදහසකට ඉදිරියෙන් සිටියේය.

නමුත් ඊයේ ඉන්දියාව ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා කළ අතර ඒම ප්‍රමාණය 90,600ක් ලෙස වාර්තා විය. ඊට පෙර දින ද ඉන්දියාව තුළ රෝගීන් 87,115 ක් වාර්තා විය. මෙම වාර්තා අනුව අද දින ඉන්දියාව තුළ රෝගීන් පනස්දහස ඉක්මවා ප්‍රමාණයක් වාර්තා වුවහොත් ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ දෙවැනි රට බවට පත්වීමට නියමිතය. කොරෝනා  රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇති රට ඇමරිකා ඒක්සත් ජනපදය වන අතර ඒම ප්‍රමාණය 6,431,152 කි.

Social Sharing
නවතම විදෙස්