“අන්ත දරිද්‍රතාවය” ගැන ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!

කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් “අන්ත දරිද්‍රතාවයට” පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ.

කොරෝනා වයිරස් වසංගතය ලෝක ආර්ථිකයට එල්ල වූ දැවැන්තම පහරක් බව මැල්පාස් පවසයි.

එසේම වසංගත තත්ත්වය බිලියන ගණනකගේ ජීවනෝපායන් සදහාද බලපානු ඇතැයි අනතුරු ඇඟවීය. මෙම ලෝක ආර්ථික කඩාවැටීම ඉදිරි දශකයක් පුරා පැවතිය හැකි බව ද ඔහු පැවසීය.

ලෝක බැංකුව “අන්ත දරිද්‍රතාවය” අර්ථ දක්වන්නේ දිනකට එක් පුද්ගලයෙකුට ඩොලර් 1.90 (ඩොලර් 1.55) ට වඩා අඩු ආදායමක් මත ජීවත් වන බවයි.

Social Sharing
විදෙස්