“අද කලාකාරයාට රසිකයා පිළිබඳ විශ්වාසයක් නැහැ” – සංජය ඈපා සෙනෙවිරත්න (නිර්මාණවේදී)

“අද කලාකාරයාට රසිකයා පිළිබඳ විශ්වාසයක් නැහැ”

පොදු සමාජ දේශපාලනය ගත්තොත් මේ මොහොතේ රට තුළ තිබෙන තත්ත්වය මොන වගේද කියන ඒක හරි පැහැදිලියි. මේ වෙනකොට ජනාධිපතිවරයාට බහුතර ජනතාව 2/3 ක බලයක් ලබාදීලා තියෙනවා. එම තත්ත්වය මත තමයි ඉදිරියේ බල දේශපාලනික හැසිරීම තීරණය වෙන්නේ. මේ තත්ත්වය තුළ අපි කතාකරමු ශුද්‍ර තලයේ ක්‍රියාතමක වෙන සංස්කෘතික දේශපාලනය ගැන.

මේ මොහොතේ සංස්කෘතික දේශපාලනය වුණත් තිරණය වෙන්නේ, මේ පාලන රටාව එක්ක. මේ සමස්ථය තීරණය වෙන්නේ එතනින්. අපි කොහොමද මේක තේරුම් ගන්නේ? අපි මේක තේරුන් අරගෙන ඉන්නවද? මට හිතෙන්නේ අපිට විසිරුණු අදහසක් තමයි මේ ගැන තිබෙන්නේ. එහෙම වුනාම ප්‍රශ්නයක් එනවා නේද? එතකොට කලාකරුවන්, විකල්ප මතදාරීන් විදිහට, අපි පුරවැසියන් කැඳවාගෙන යන්නේ කොහේද? ඒ ගමන කොතරම් පරිපූර්ණ වෙන්න පුලුවන්ද මෙම තත්ත්වය තුළ. මට හිතෙන්නේ අපි අතර මේ පිළිබඳව වූ සංනිවේදනය සෑහෙන්න දුර්වලයි. මුලින්ම අපි ඒ ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන එයට ප්‍රථිචාර දැක්විය යුතුයි. මම හිතන්නේ අපි පොදු අරමුණක් සඳා ගන්න ඕනෑ. අපි කොතනටද යන්නේ, කලාකරුවෝ විදිහට අපි ජනතාව අමන්ත්‍රනය කරන්නේ කොහොමද කියන එක හිතන්න වෙනවා.

මට හිතෙන්නේ කොරෝනා කාලේ, අපි ගෙදරටම කොටුවෙලා ඉන්න කාලේ මේ පිළිබඳව යම් සංවාදයක් සමාජ මාධ්‍ය අවකාශයේ ඇතිවුණා. ඒක සාධනීය තත්ත්වයක්. මට හිතෙන්නේ වර්තමානයේ මේ ගොඩනැඟිලා තිබෙන සමාජ දේශපාලන අවකාශයේ සංස්ක්ෘතික දේශපාලනය අතිශ්‍ය වැදගත්. ශුද්‍ර තලයේ මිනිසුන්ගේ අදහස් සිතුම් පැතුම් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් එතනින්. අපි සමාජයක් විදිහට වෙනසකට යන්න කල්පනා කරනවා නම්, අපි මේ ගැන සෑහෙන්න හිතන්න ඕනෑ. අපිට සමාජයක් විදිහට වරදින්නත් එක හේතුවක් තමයි මේ සංස්ක්ෘතික දේශපාලනය අමතක කිරීම. අපි අද කලාකරුවෝ විකල්ප මත නිශ්පාදකයෝ විදිහට මොකද කරන්නේ? අද කලාකාරයාට රසිකයා පිළිබඳ විශ්වාසයක් නැහැ. රසිකයාටත් කලාකාරයා පිළිබඳව විශ්වාසයක් නැහැ. අද කලාකාරයෝ ගත්තොත් මේ ගොඩනැඟෙමින් තිබෙන මාධ්‍ය අවකාශයේ රේටින්ග්ස් හදාගන්න තමයි දගලන්නේ. ආර්ට් කියන්නේ රේටින්ග්ස් නෙවෙයි. අද යූ ටියුබ් මාධ්‍ය අවකාශයකට ගියොත් පේනවා ගොඩක් දෙනෙක් තමන්ගේ චැනල් එක හිට් කරගන්න කරන දේවල්. අපි අද ජීවත් වෙන්නේ මෙවැනි සමාජයක.

අපි සංස්කෘතික දේශපාලන කතිකාවෙන් පොඩ්ඩක් පහළට බැහැලා,  ටිකක් කතාකරමු මේ සමාජ අවකාශය ප්‍රචණ්ඩකරණය වීම ගැන..

මට හිතෙන්නේ මේක අපේ සංස්කෘතියේම ලක්ෂණයක්. බලන්න දැන් අර දර්ගා නගරයේ මානසික අඩු වර්ධනයක් තිබෙන දරුවාට පොලීසිය සලකපු විදිහ. ඔවුන්ට අඳුරගන්න බැරිවෙනවා මේ දරුවා අසනීපයකින් ඉන්න දරුවෙක් ද නැත්තං බීලද කියලා. ඉහළින් ආපු නියෝගයක් නිසා මේ දරුවට ගැහුවා කියලා මෙතනදී අපිට කියන්න බැහැ. ඒ වෙලාවේ එතන රාජකාරි කරපු පොලිස් නිළධාරීන්ගේ පුද්ගලික හැසිරීමේ අවුලක් එතන තිබෙන්නේ, එතකොට ඒක අපේ ඇගේම තියෙන අවුලක්. මේ සහාසිකත්වයත් ප්‍රචණ්ඩත්වයත් සංස්කෘතිය කාරණයක්. අපි හිතන විදිහේ අවුලක් මෙතන තියෙන්නේ. අනික් පැත්තෙන් එදා පෙරටුගාමීන්ට ගහපු එක ගන්න, ඒක ඉහළින් ආපු නියෝගයක් වෙන්න පුලුවන්. නමුත් ඒක ඔවුන්ගේ රාජකාරිමය හැසිරීම වෙන්න පුලුවන්ද? මම හිතන්නේ අපි අපි ඇතුලෙන් විශාල ප්‍රචණ්ඩත්වයක් නඩත්තු කරමින් ඉන්නවා. අපි ඒක නැතිකරගන්න ක්‍රමයක් මාර්ගයක් සොයා ගන්න ඕනෑ. එතනදීත් සංස්ක්ෘතික දේශපාලනය ඉතාමත් වැදගත්.

අපි දීර්ඝ කාලයක් යුද්ධයක් එක්ක පැටලී සිටිය ජාතියක්. ඒ වගේම අපි ජාතිය මත පදනම්ව සියලු ප්‍රශ්න දිහා බලමින් ඉන්න ජාතියක්. මේ සියල්ල විසින් ප්‍රචණ්ඩ මනුස්සයෙක් නිර්මානය කරලා තිබෙනවා, ඒ මනුස්සයා සුවපත් කිරගන්නේ කොහොමද කියන එක ගැන අපි කවුරුවත් හිතන්නේ නෑ.ඒ ගැන සංවාදයකුත් නැහැ. ඒක අවුල් විශාල ප්‍රමාණයකට හේතුවක්.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment